Thursday, May 23, 2013

රකිමි නුඹ පණ වගේ

කිරි බර ඇවිත් ලැම පිරිලා දූ නොදනී
හරි පහසුවට කුස තුළ රැදෙමින් ඉන්නී
මැරි මැරි ඉපදෙනා සිතුවිලි නැහැ දන්නී
ලොව නුඹ දුටු දාට මව් වනචර ගෑණී...

දඩමස් වෙලා කෙනෙකුගෙ ඇට ලේ රිදෙන්නේ
පිරිපත වෙලා දිවි බර නැහැ ඔහු දරන්නේ
කැඩපත ළඟදි හදවත ඉකිබිඳ හඩන්නේ
ජීවිත ගමනෙ නැහැ දුවෙ විස්තර කියන්නේ...

සුන්කර ගන්න බැරි පැතුමන් පිරෙන්නේ
මාපිල් පිඹුරු එක්කම පොර බඳින්නේ
සමනල් හැඟුම් නැහැ සිත තුල නැගෙන්නේ
කරදර එක්ක උඹ කුස තුළ වැඩෙන්නේ...

ගැබ්බර කුස අත ගගා නුඹ කුමරිය යැයි සිතන්නේ
දුක්බර නුඹට පිය පස නැහැ කිසි දිනකදි ලැබෙන්නේ
පෙම්බර දියණියේ දරුපෙම හිත ළඟ මේ රකින්නේ
අම්ඹර මැදක හිනැහීයන් එපමණමයි කියන්නේ...........

6 comments:

  1. ඔබේ කවිකාර කම නම් අසම සමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් ගොඩක්ම.

      Delete
  2. හරියට මේ කතාව මේ දවස්වල වෙසක් තොරණවල තියෙන කතාපුවතක් වගේ.

    ReplyDelete
    Replies
    1. හානේ..ඇත්තම නේන්නම්...මට මේ අහම්බෙන් හිතට ආපු සිතුවිල්ලක්..

      බොහොමත්ම ස්තුතියි ඔබට.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.