බයක සෙවනැලි පිටක නැතිමුත් ඇතුළු හදවතෙ ඇවිදිතී
හෙටක අරුණලු දකිනු රිසියෙන් තව තවත් හිත් දොඩවති
එහෙත් සමහර ඵලත් අහිමිව ගසුත් හිටි ගමන් වැටෙති
කාට කිව හැකිද අත්විදි අදුරු මූසල නැවත නොඑතී
බෝගසක කොළ බිමට විතරයි හැරි හැරී රඟ දෙවන්නේ
බෝ සතුන් හට සිල් සුවඳ මතක් වන්නට කලක් යන්නේ
ටයර් දර සෑයවල් ගස් බැදපු හැටි ඇස් අපෙ දුටුවනේ
එහෙත් ඟං දියෙ පාවෙලා යන තවත් ගෙඩි කවුද දන්නේ
ඉරේ තැවරෙන රක්ත වර්ණය පෙනි පෙනිත් ජවයෙන්ම සිටිති
සඳේ සිහිලැල් ගුණය කිසිදින අධිරජුන් ඔබ හටත් නොදෙති
මඩේ සිටවු ලීයකින් කිසි ප්රායෝජනයක්ද නැති වෙති
එහෙත් ඇට නැති දිවක් හිමි වුන් රටේ ඉහළම තැනක හිඳිති
උතුරු සුළගින් හමා එන සුව දකුණටත් උරුමයම වන්නේ
පයට පෑගෙන දූවිලුත් පිස දෙන්න සමහරු දිවයි දෙන්නේ
තණ බුදින ගවයන් කොහොම සාලයේ නම් අපි රඳව ගන්නේ
හෙටත් හිරු එන එක එනවමයි වරද කවුරුද අනෙ සොයන්නේ
මගේ උරුමය මටයි උරුමය කිය කියා ගර්ජනා කරතී
රටේ ගහකොළ උඳුර ගන්නට නීතියක් මොකටදැයි සිතතී
ඔබේ හුස්මත් මගේ හුස්මත් එකම තාලෙට උඩ යට යතී
අනේ දෙවියනෙ කියනු බැහැ හෙට කාලයට ලොව නැවතුම් නැතී
ඉදිරියටම යමු ජය............
ReplyDeleteලස්සනයි අක්කේ.. සිංදුවකටත් හොදයි කියලා හිතුනා හැබැයි..
ReplyDeleteඅගෙයි දිනිති..
ReplyDelete