Saturday, February 23, 2013
වසන්තය එනව ඇත්තයි.
රාත්‍රිය නම් විසේකාරයි
එහෙත් ආදරණීයමයි
සලුපිලි ලිහන් ගහකොළ
අතපය විහදන්නෙ ඒකයි....
සඳ දිය නහවලා මල්
පෙති දෙපෙති විහිදයි
රෑ කුරුල්ලන් හිඟ මුත්
'හ්ම්' හඩ වුනත් මිහිරියි...
තණ පලස්වලට නොරිදා
පිනි බිංදු ඇස් අරියි
කණාමැදිරියො ලතාවට
රංඟනය අරඹන්නෙ ඒකයි...
වළාකුළු හුවමාරු වෙන
ගමනාන්තද නොනවතියි
එකිනෙකට නෙතු සලන
කඳු පන්ති සඳ සිප ගනියි...
හිරුත් නොදුටුව අහුමුලු
විටක තරුපතිට හමුවෙයි
එහෙත් නොකියම හෙමින්
පිරිමඳියි නොරිදෙන්නෙ ඒකයි...
ලා එළිය දළු දමන මැදියමයි
හදවතක් පුබුදුවන හැඟුම් බෝමයි
සිනිඳුවට පිරිමැඳ පෙරාගත්තොත්
වසන්තය හිමිවෙනව ඇත්තයි...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
ඒ උනාට වසන්තය ආයෙම ඒවී..
ReplyDeleteහරිම සුන්දර කවි පෙළක්
ReplyDeleteකියන්න දෙයක් නෑ කවියත් රාත්‍රියත් දෙකම සුන්දරයි.. ඒ අන් කිසිවක් නිසා නොව කවියට තෝරාගත් සුමට බස නිසා
ReplyDeletelike it
ReplyDelete