එකෝමත් එක අතීතේ දවසක
නිදි කුම්බ අතු හිරි වට්ටවා
තණපලා කොළ කඩ කඩා ගිය
දෙවැට ළඟ නියර අද අඩනවා...
අහස් තලයම සිඹින
විසල් පොල් ගස් දෙකක්
අතර මැද පිහිටි තැනිතලා
බිම කොහේදැයි හිතනවා....
නිල්ල නිලනා ගොයම් යායේ
අස්වැන්න නෙළු ඉපනැල්ලෙ
සිටවාපු උණ ගස් යුඟල ගැන
මතක සිහිනයක් වෙනවා...
වෙල් මුකුණුවැන්න කෝ
කරටි දිය හබරලත් නැහැ
ඇලක් තිබුණද සළකුණක්වත්
සොය සොයා ඇස් දුවනවා...
රාහු අපලෙට වැටෙකෙයියා මල්
සුවඳ එක්කම ඉස්ගෙඩියො ඇල්ලුව
අලුත බිම ඉහිරිච්ච ගොඩපොරය
ගෙඩිත් හිත යට රඟනවා...
කබරයෙක් දියබරියෙක් දිනක
නාගයෙක් වුව හමුවෙනා තැන්
වෙරළු ගහ යට ගොරක අතුවල
එල්ලිලා හිටි හැටි දැනෙනවා...
කොහේදෝ පස් කඳු ඇවිත්
නෑයො වෙන්නට ගමට පහළින්
තිබුණ සියළුම උරුමෙ හංගන්
නපුරු මන්දිර තනනවා....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්‍රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
බොහොම හිතට කාවදින කාව්‍ය නිර්මාණයක්....
ReplyDeleteගමේ ලස්සන ඔබ මනරම් අයුරින් ඉදිරිපත් කර ඇති සේම ව්‍යසනයද ක්‍රමිකව කරලියට ගෙනත් ඇත්තේ විස්මිත අයුරින්..
හැමදාම වගේ බොහොම ස්තුතියි නලින් ඔබට...
Deleteගමේ සුන්දරත්වය ගමේත් නැතිකොට ඉතින් තව කවර කතාද.. අපූරු කවිය
ReplyDeleteඔව් අයියෙ පුංචි දවස්වල අපේ ගම මතක් වුනා....
Deleteබොහොම ස්තුතියි ඇවිත් යනවට..
ඇත්තටම ලස්සන කවි පංතියක්....
ReplyDeleteඅදමයි ගොඩවුණේ මතක විදියට....
ජය
මගේ දිනපොත..
Deleteබොහොමත්ම තුති ඔබට.. හැමදාම ඇවිත් යන්න එන්න පුලුවන් නම්...
හරිම ලස්සනයි. මම ඔයාගේ බ්ලොග් එකට හරිම කැමතියි. පුලුවන් නම් මම ලියන බ්ලොග් අඩවිත් කියවන්න. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කලාම මගේ සේරම බ්ලොග් අඩවි පෙන්නයි. එවිට ඒවා සේරම කියවන්න. පුලුවන් නම් මගේ 0718064226 අංකයට කතා කරලා වැරදි අඩුපාඩු කියන්න. මම මඟ බලා ඉන්නවා. ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න.
ReplyDeleteඔබට බොහොම ස්තුතියි ආචාර්ය සුජිත් නිශාන්ත මහත්මයාණෙනි.. මම ඔබේ අඩවියටත් ගොඩවෙන්නම්.. දැනෙන දේ ලියල යන්නම්... කතා කරන්න නම් අමාරුවෙයි..මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ...
Delete@ දිනිති දීපිකා,
ReplyDeleteබොහෝම ස්තූතියි. ඔයා එනකල් මම මඟ බලා ගෙන ඉන්නවා එහෙනම් ආදරයෙන් පිලිගන්න.