Saturday, February 23, 2013

වසන්තය එනව ඇත්තයි.



රාත්‍රිය නම් විසේකාරයි
එහෙත් ආදරණීයමයි
සලුපිලි ලිහන් ගහකොළ
අතපය විහදන්නෙ ඒකයි....

සඳ දිය නහවලා මල්
පෙති දෙපෙති විහිදයි
රෑ කුරුල්ලන් හිඟ මුත්
'හ්ම්' හඩ වුනත් මිහිරියි...

තණ පලස්වලට නොරිදා
පිනි බිංදු ඇස් අරියි
කණාමැදිරියො ලතාවට
රංඟනය අරඹන්නෙ ඒකයි...

වළාකුළු හුවමාරු වෙන
ගමනාන්තද නොනවතියි
එකිනෙකට නෙතු සල
කඳු පන්ති සඳ සිප ගනියි...

හිරුත් නොදුටුව අහුමුලු
විටක තරුපතිට හමුවෙයි
එහෙත් නොකියම හෙමින්
පිරිමඳියි නොරිදෙන්නෙ ඒකයි...

ලා එළිය දළු දමන මැදියමයි
හදවතක් පුබුදුවන හැඟුම් බෝමයි
සිනිඳුවට පිරිමැඳ පෙරාගත්තොත්
වසන්තය හිමිවෙනව ඇත්තයි...

4 comments:

  1. ඒ උනාට වසන්තය ආයෙම ඒවී..

    ReplyDelete
  2. හරිම සුන්දර කවි පෙළක්

    ReplyDelete
  3. කියන්න දෙයක් නෑ කවියත් රාත්‍රියත් දෙකම සුන්දරයි.. ඒ අන් කිසිවක් නිසා නොව කවියට තෝරාගත් සුමට බස නිසා

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...