Thursday, March 7, 2013
*** දෙව්ලොව ගිය අම්මාට ලියමි. ***
අම්මේ දුටුව විට ලියමන මාගේ
වැහි කළු පිරෙන බව ඇත්තක්ය වතේ
එකටම වැටී එක වේලක් ගත්තු දිනේ
සිහියට නඟන් ඇරඹුම මෙහි ඇතිය හොදේ...
කණකර එකින් එක හන්දියෙ කඩයෙ තබා
පත පොත නැවුම් හසරැලි මුව දුන්නෙ එදා
ටක ටොක සැටලයට මුළු ජීවිතය ලියා
රුව ගුණ මලක් බිහිකළෙ ඔබම තමා....
මහ විදුහලේ ඉහළම ලකුණක්ම නිසා
ඉරණම එතන පැහැදිලි බව ඇසුණ තමා
කරණම් ගසා දර දිය ඔබ ඇද්ද නිසා
නොදකින සිහින පිබෙදන්න වුනා
එක එක ඉංගිරිසි ආරය ගත්ත නඩේ
ගොඩයේ එකිය මා විතරයිම වුනේ
අකුරෙන් අකුර දිලිසෙන විටදි පොතේ
දවසින් දවස තරඟය ජිවිතය වුනේ...
පෙව් කිරි ටිකට ණය වෙන බව දන්න නිසා
ගුණ දම් අතු ගෑවෙ පති ගෙය රකිනු කියා
වැල යන අතට මැස්සක් ගහනවා කියා
පැදුරෙන් බිමට වැටුනේ ඔබ මතක් වෙලා
සුවපත් කරන එක ගිලනුන් පිනක් පුතේ
කිය කිය දියණියව තැවුවා ඔබ බුදුන් වගේ
මුසපත් නොවන හදවත රිදවනා දිනේ
නැවතත් නොඑන ලෙස අම්මා ඇයි යන්න ගියේ...
_________________________________
ගව්වෙන් ගව්ව දිව මාළිඟ සදනු කියා
බෝසත් සිතුම් අහකට නම් දමනු එපා
දළ සිඳ වැටෙන දවසක් මතු තිබෙන නිසා
අම්මට තාත්තට පිටුපා යන්න එපා....
( තම මව් එන්න කියද්දී ලංකාවට නොගිය මා මිතුරියට ඇගේ මව ඇයට අහිමි වීම දැක ඇති වුන සිතුවිල්ලකි )
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
සියුම් වේදනාවක් හිතට දැනුනා..
ReplyDeleteකවියට විතරයිනෙ නලින්.. ස්තුතියි ඇවිත් ගියාට...
Deleteඇයි නොගියේ.දුක්බර කවි පෙළක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඇවිත් යන්න එනව අනිවාර්යෙන්....
Deleteනැවත නිවැරදි කරගන්න නොහැකි දෙයක් සිදුවුනාම ඒක හිතට තදින් දැනෙනවා. අපි කාටත් ඒක පොදුයි. මේ අම්මා ගැන වුනත් ඒ සොයුරියට එසේ දැනෙන්න ඇති.
ReplyDeleteඇත්තටම ඔව්..ඇය අදත් බොහෝ දුක්වෙනව...
Deleteඅම්මා තාත්තා නැති උනාම මුලු ජීවිත කාලෙටම ඒ අඩුව වහගන්න පිලියම් නෑ.
ReplyDeleteඔබේ මිතුරිය විදවනවා ඇති..
දෙයක් ගිලිහුණාට පසුවයි එහි අගය දැනෙන්නෙ..ඇයත් අද එලෙසම විදවනව..
Delete