Sunday, February 3, 2013

*** රාහු අපලය ගමට ඇවිදින් ***

එකෝමත් එක අතීතේ දවසක
නිදි කුම්බ අතු හිරි වට්ටවා
තණපලා කොළ කඩ කඩා ගිය
දෙවැට ළඟ නියර අද අඩනවා...

අහස් තලයම සිඹින
විසල් පොල් ගස් දෙකක්
අතර මැද පිහිටි තැනිතලා
බිම කොහේදැයි හිතනවා....

නිල්ල නිලනා ගොයම් යායේ
අස්වැන්න නෙළු ඉපනැල්ලෙ
සිටවාපු උණ ගස් යුඟල ගැන
මතක සිහිනයක් වෙනවා...

වෙල් මුකුණුවැන්න කෝ
කරටි දිය හබරලත් නැහැ
ඇලක් තිබුණද සළකුණක්වත්
සොය සොයා ඇස් දුවනවා...

රාහු අපලෙට වැටෙකෙයියා මල්
සුවඳ එක්කම ඉස්ගෙඩියො ඇල්ලුව
අලුත බිම ඉහිරිච්ච ගොඩපොරය
ගෙඩිත් හිත යට රඟනවා...

කබරයෙක් දියබරියෙක් දිනක
නාගයෙක් වුව හමුවෙනා තැන්
වෙරළු ගහ යට ගොරක අතුවල
එල්ලිලා හිටි හැටි දැනෙනවා...

කොහේදෝ පස් කඳු ඇවිත්
නෑයො වෙන්නට ගමට පහළින්
තිබුණ සියළුම උරුමෙ හංගන්
නපුරු මන්දිර තනනවා....

9 comments:

  1. බොහොම හිතට කාවදින කාව්‍ය නිර්මාණයක්....
    ගමේ ලස්සන ඔබ මනරම් අයුරින් ඉදිරිපත් කර ඇති සේම ව්‍යසනයද ක්‍රමිකව කරලියට ගෙනත් ඇත්තේ විස්මිත අයුරින්..

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ බොහොම ස්තුතියි නලින් ඔබට...

      Delete
  2. ගමේ සුන්දරත්වය ගමේත් නැතිකොට ඉතින් තව කවර කතාද.. අපූරු කවිය

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ පුංචි දවස්වල අපේ ගම මතක් වුනා....

      බොහොම ස්තුතියි ඇවිත් යනවට..

      Delete
  3. ඇත්තටම ලස්සන කවි පංතියක්....
    අදමයි ගොඩවුණේ මතක විදියට....
    ජය

    ReplyDelete
    Replies
    1. මගේ දිනපොත..

      බොහොමත්ම තුති ඔබට.. හැමදාම ඇවිත් යන්න එන්න පුලුවන් නම්...

      Delete
  4. හරිම ලස්සනයි. මම ඔයාගේ බ්ලොග් එකට හරිම කැමතියි. පුලුවන් නම් මම ලියන බ්ලොග් අඩවිත් කියවන්න. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ කියලා ටයිප් කරලා ඕකේ කලාම මගේ සේරම බ්ලොග් අඩවි පෙන්නයි. එවිට ඒවා සේරම කියවන්න. පුලුවන් නම් මගේ 0718064226 අංකයට කතා කරලා වැරදි අඩුපාඩු කියන්න. මම මඟ බලා ඉන්නවා. ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි ආචාර්ය සුජිත් නිශාන්ත මහත්මයාණෙනි.. මම ඔබේ අඩවියටත් ගොඩවෙන්නම්.. දැනෙන දේ ලියල යන්නම්... කතා කරන්න නම් අමාරුවෙයි..මම ලංකාවෙ නෙමෙයිනෙ ඉන්නෙ...

      Delete
  5. @ දිනිති දීපිකා,
    බොහෝම ස්තූතියි. ඔයා එනකල් මම මඟ බලා ගෙන ඉන්නවා එහෙනම් ආදරයෙන් පිලිගන්න.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...