Thursday, November 15, 2012

ජීවිතය

              
අකුරකට පුළුවන්ය ලෝකයක්හරවන්න
කවියෙක්ට හැකිවේය මිනිසුන්වනලවන්න
මිනිසෙක්ව උපන්නොත් ජීවිතයගෙනයන්න
හදවතක් තියෙන බව අමතකම නොකරන්න
  
තවලමක නියමුවා වැරදුවොත් මඟඑහෙම
අවුලක්ය මුළු ගමන වැරදේයහැම තැනම
රිඳවුමක් ලැබුණාට කඳුළක්දඑකසේම
ලද දෙයින් සැනසෙන්න හුරුවෙන්නදිවියේම.
  
විදුලි ඊතල පහරමයි බො පපුකැවුතුවල
සුනිල දිය බිඳුත් හිඟ නොමැත සැඩ පහරවල
ඉරි තැලුණු හදවතක් මසන්නට පුරුදු කල
ආ මඟත් සැනසුමකි බැලූවිට ජීවිතවල
  
කිනිස්සක් ගෙන අනින විට උදුවපේ සීතල
අගිස්සක් නැති කවියකින් සරසලා අඟමුල
කැමැත්තක් හෙම නැතිවුනත් කියවන්න සුලමුල
බිඳක්වත් හිතුවාද බුදුන් නො'පුදයිපරමල
  
අහම්බෙන් නැහැ ලැබුවෙ කිසි දිනක මනු උපත
පින් බලෙන් උරුම වූවක් මෙ'සසරහිතවත
උපන්නට දිවි සරිය නොම ගෙවාගෙන දිය
කරන්නක් කරනු යහ ඔබට උරුමයිසුරත

17 comments:

  1. අලුත් මල්ලිගෙ අලුත් සොෆ්ට්වෙයාර් එකෙන් හැදුවෙ..ඒත් අකුරු ලොකු කරනකොට ස්පේස් එකේ අවුල් එනව....බලමු..

    ReplyDelete
  2. ඇත්තමයි අක්කේ මේ කවියේ මාර ලස්සන ගැලපිල්ලක් තියනවනේ. මං හිතන්නේ පොතක් එළිදක්වන්න කාලේ හරි වගෙයි.

    ReplyDelete
    Replies
    1. හුගක් අය එහෙම කියනව මල්ලි...ජනවාරි මාසෙ දිහාට කරන්න හිතා ඉන්නෙ..ඒත් තාම මදි වගේ...බලමු මල්ලියේ.... ස්තුතියි ඔයාට...

      Delete
  3. හ්ම්ම්ම් ගොඩක් රස වින්දා ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සචිත්....

      Delete
  4. කව් පන්තිය හරිම ලස්සනයි. අලුත් ගේ වැඩෙත් නියමයි. ඒත් අකුරු ටිකක් ලොකු කරා නම් තමා සුපිරි. වෙන අය ඒ දේ කර තිබුණා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නලීන්...

      Delete
  5. පට්ටම කවු පෙලක්...පරණ ඒවත් කියෙව්වා..ලසස්නයි

    ReplyDelete
  6. කියන්න දෙයක් නෑ හැමදාමත්වගේ දිනිති ලියන කවි සහ ගි අපුර්වත්වයෙන් පිරිල තියෙනවා. අද බ්ලොග් එකත් ලස්සනයි. ඇහැට පුරුදුයි.

    කවිය නම් අපේ ගැමි ජන සම්ප්‍රදායේ ගතියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත්...

      Delete
  7. මේ කවි පන්තියේ අමුතු ගතියක් තියනවා දිනිති අක්කේ .ජය!!!

    ReplyDelete
  8. පට්ටයි දිනිති අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...