Thursday, December 13, 2012

***එකම මොහොතක් ඔබේ වෙන්නට හිතනවා*** _________________________________________



අඳුර අහුමුළු අතර සරමින් මොනවදෝ මට කියනවා
සොඳුර නුඹ ගැන හිත හිතා කාලයද දින දින ගෙවෙනවා
මැදුරු මන්දිර කිසි වගක් නැති ආලයක් හිතෙ පිරෙනවා
පවුරු පදනම් බිඳ දමා ඔබ සොයාගෙන මං ඇදෙනවා.....

අහස සමුදුර ක්ෂිතිජ ඉම නේත්‍රා යුග රවට්ටනවා
උඩක තරුපති බිම් මලක් බිම හූල්ලා මඟ බලනවා
පවස නිවනට දිය බිඳක් ගෙන එන්නෙ කෙදිනද හිතනවා
විලක සුපිපුණ සියපතක් ඔබ මගේ වෙන්නට යදිනවා....

රැයද දහවල නොවේ වෙනසක් ඇස් දෙකම මගෙ තෙමෙනවා
ගසට ඈදුනු පොත්ත සේ ඔබ ළඟම ඉන්නට පතනවා
ඉහළ අත්තක මලක් නෙලනට උඩ පනින්නටම වෙනවා
නිකට ළඟ අත ගෙපැල දොරකඩ පෙම් සිහින තව දකිනවා...

සාලියට හිමි අශෝකා වෙන්නෙ නැති බව මං දන්නවා
රෝමියෝ ළග වෙලා ජුලියට් ඉන්න බැරි හැටි පෙනෙනවා
ප්‍රේමයේ මුල් බීජ ඉන්දුව දෑස් හදවතෙ තියෙනවා
කවදහරි ඔය පපුවෙ උණුහුමෙ මොහොතකට මං ඉන්නවා....

14 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග..

      Delete
  2. හ්ම්ම්ම්ම්අපුරුයි...

    ReplyDelete
  3. කාලෙකට පස්සේ මං මෙතැනට ගොඩවැදුනේ. ඉතා හොදයි නිර්මාණය දිණිති

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්..

      Delete
  4. අදමයිලු මේ පැත්තට ආවේ .. හරි අපූරු කවි පද ටිකක් යාළු!!

    ReplyDelete
    Replies
    1. හැමදාම එන්න බලන්න ශම්මි... ස්තුතියි ගොඩක්..

      Delete
  5. ලස්සනම ලස්සනයි..දිගටම ලියන්න..
    එනවා බලන්න...

    ReplyDelete
    Replies
    1. බලා ඉන්නව හැමදාම එනකම්..ස්තුතියි වටිනා කාලය යොදවල ඇවිත් ගියාට...

      Delete
  6. ප්‍රේමය, ආදරය දැවටුන කවි ඔබෙන් ලියවෙනව අඩුන් මම මේ දැක්කමයි.

    ReplyDelete
    Replies
    1. විරහවම තමයි ඉතින් වැඩියෙන් ලියවෙන්නෙ... :-)

      ස්තුතියි අයියෙ ඇවිත් ගියාට...

      Delete
  7. අත්දැකීමක්ද සහෝදරී?

    ReplyDelete
    Replies
    1. නිර්මාණකරණයට තමන්ගෙම අත්දැකීමක් වෙන්න ඕනි නැහැ මට...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...