Saturday, November 10, 2012

හිමියනි මං මක් කරන්නද..?

ළයේ ගින්න ඇවිලෙනවා දුව නොදනී
පැලේ පහන නිවුවේ උන් එක වැරෙනී
මලේ සුවඳ ගෙන යාවිද හිත බයෙනී
කැළේ වන සතුන් ඇවිදින් හිමි රජුනී....

බෝසා දුරක් පිය මැන මැන ඔබ උන්නේ
ඒසා සැපක් කිසි දිනයක දිවි නොවුනේ
මේසා රුදුරු ලෝකය ඔබ වෙන් කෙරුණේ
ඉවසා ඉන්න බැහැ හිමි හට වෙඩි වැදුණේ.....

අත්ලට අරන් පොල් කටුවෙන් හිස පෙගුවේ
කරවට අත දමා තන කිරි ටික පෙවුවේ
කොපුලට කොකුම් ගා සුවඳින් සුව සැදුවේ
මලකට බඹරු මෙතරම් ඇයි වට කෙරුවේ.....

කරවට ගිලුණ විට තව කොහි ගිලෙන්නද
ලිඳකට වැටුණ විට වෙනතක පනින්නද
කරුමය ලැබුව විට අතහැර දුවන්නද
උරුමය වෙච්ච දියණිය ගෙන මියෙන්නද....?

17 comments:

  1. අක්කගෙ කවි ගැන නම් ඉතින් කියලා වැඩක් නැ වෙනදටත් වඩා අද කවි ටික ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ හුගක්ම.

      Delete
  2. අපූරුයි- අපූරුයි- අපූරුයි ...

    ReplyDelete
    Replies
    1. රතුරජරට නොවක් තුති ඔබට...

      Delete
  3. උරුමය වෙච්ච දියණිය ගෙන මියෙන්නද....?// කවිපෙළේ ගොඩාක්ම සංවේදී තැන මෙතන කියලා හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තොටියෝ....

      Delete
  4. ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ...

      Delete
  5. නූතන පටාචාරාවකගේ කතා වස්තුවක් ලස්සනයි.. ජන කවිලේ ලක්ෂනය තියෙනවා. හරියටම යසෝදරාවත වගේ.

    ReplyDelete
    Replies
    1. සඳස් අකෘතිය එන්න ලිවුවෙ අයියෙ..ඒකයි ඒ...බොහොම ස්තුතියි ඔබටත්...

      Delete
  6. කරවටක් ගිළුනට පස්සේ නාහෙට උඩින් වතුර ගියා කියලා වෙනසක් නෑ.
    කවි සිතුවිල්ල ලස්සනයි දිනිති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග හුගක්ම...

      Delete
  7. හැමදාමත් වගේ අදත් ලස්සන වඳන් එකතු කරමින් අපට රසයක් ගෙනල්ලා
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගයනි.....

      Delete
  8. අදයි මේ පැත්තෙ ආවෙ.ගොඩක් ලස්සනට පද ගලපන්න පුළුවන් ඔබට.තව තවත් ලස්සනට ලියන්න ධෛරය පතනවා.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...