අකුරකට පුළුවන්ය ලෝකයක් | හරවන්න |
කවියෙක්ට හැකිවේය මිනිසුන්ව | නලවන්න |
මිනිසෙක්ව උපන්නොත් ජීවිතය | ගෙනයන්න |
හදවතක් තියෙන බව අමතකම | නොකරන්න |
තවලමක නියමුවා වැරදුවොත් මඟ | එහෙම |
අවුලක්ය මුළු ගමන වැරදේය | හැම තැනම |
රිඳවුමක් ලැබුණාට කඳුළක්ද | එකසේම |
ලද දෙයින් සැනසෙන්න හුරුවෙන්න | දිවියේම. |
විදුලි ඊතල පහරමයි බො පපු | කැවුතුවල |
සුනිල දිය බිඳුත් හිඟ නොමැත සැඩ | පහරවල |
ඉරි තැලුණු හදවතක් මසන්නට | පුරුදු කල |
ආ මඟත් සැනසුමකි බැලූවිට | ජීවිතවල |
කිනිස්සක් ගෙන අනින විට උදුවපේ | සීතල |
අගිස්සක් නැති කවියකින් සරසලා | අඟමුල |
කැමැත්තක් හෙම නැතිවුනත් කියවන්න | සුලමුල |
බිඳක්වත් හිතුවාද බුදුන් නො'පුදයි | පරමල |
අහම්බෙන් නැහැ ලැබුවෙ කිසි දිනක මනු | උපත |
පින් බලෙන් උරුම වූවක් මෙ'සසර | හිතවත |
උපන්නට දිවි සරිය නොම ගෙවාගෙන | දියත |
කරන්නක් කරනු යහ ඔබට උරුමයි | සුරත |
Thursday, November 15, 2012
ජීවිතය
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
අලුත් මල්ලිගෙ අලුත් සොෆ්ට්වෙයාර් එකෙන් හැදුවෙ..ඒත් අකුරු ලොකු කරනකොට ස්පේස් එකේ අවුල් එනව....බලමු..
ReplyDeleteලස්සනයි !
ReplyDeleteස්තුතියි හුගක්ම
Deleteඇත්තමයි අක්කේ මේ කවියේ මාර ලස්සන ගැලපිල්ලක් තියනවනේ. මං හිතන්නේ පොතක් එළිදක්වන්න කාලේ හරි වගෙයි.
ReplyDeleteහුගක් අය එහෙම කියනව මල්ලි...ජනවාරි මාසෙ දිහාට කරන්න හිතා ඉන්නෙ..ඒත් තාම මදි වගේ...බලමු මල්ලියේ.... ස්තුතියි ඔයාට...
Deleteහ්ම්ම්ම් ගොඩක් රස වින්දා ....
ReplyDeleteගොඩක් ස්තුතියි සචිත්....
Deleteකව් පන්තිය හරිම ලස්සනයි. අලුත් ගේ වැඩෙත් නියමයි. ඒත් අකුරු ටිකක් ලොකු කරා නම් තමා සුපිරි. වෙන අය ඒ දේ කර තිබුණා.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ගොඩක් ස්තුතියි නලීන්...
Deleteපට්ටම කවු පෙලක්...පරණ ඒවත් කියෙව්වා..ලසස්නයි
ReplyDeleteස්තුතියි රතී....
Deleteකියන්න දෙයක් නෑ හැමදාමත්වගේ දිනිති ලියන කවි සහ ගි අපුර්වත්වයෙන් පිරිල තියෙනවා. අද බ්ලොග් එකත් ලස්සනයි. ඇහැට පුරුදුයි.
ReplyDeleteකවිය නම් අපේ ගැමි ජන සම්ප්‍රදායේ ගතියක් තියෙනවා.
බොහොම ස්තුතියි ඔබටත්...
Deleteමේ කවි පන්තියේ අමුතු ගතියක් තියනවා දිනිති අක්කේ .ජය!!!
ReplyDeleteස්තුතියි මල්ලි...
Deleteපට්ටයි දිනිති අක්කියෝ....
ReplyDeleteස්තුතියි මල්ලියේ...
Delete