Thursday, August 2, 2012

*** මව්වරු අතර මහමායා කොහෙද පුතේ *** ( සියල්ලන්ටම නොවේ )



මල් වැහි පොදය යන්තම් දෙවටින් රිංගා
සල් මල් සුවඳ වෙහෙරෙන් දැමුවා හංගා
පල් ගඳ ගහන දිය යට සියපත් හංගා
සිල් ගත් සිතුම් මිනිසුන් දැම්මා හංගා....

කිරිකොක් රෑන ගල් අරඹෙට ඉඟිළ ගියා

තිරිසන් ජාත සිතුවිලි හද ගැ‍ඹරෙ තියා
මිනිසත් ලෝකෙ උරුමය ඉපදුමම කියා
ජඩයින් විලස රමණයෙ ඇත මුදල ලියා....

දෙපතුලෙ කුසුම් තියමින් වැඳුමන් ලබනා අම්මා

සුහුඹුල් කලල දියකර සැනසෙති සමහර අම්මා
මල්වර සුවඳ ගැන ලෝකෙට නැහැ උරුමය නම්මා
පව්කළ නොපිපි කුසුමන් මැරුවෙත් එලෙසම අම්මා....

ඉහිරුණු කිරට තව අඬනා මව්වරුද ඇතේ

නැතිවුන කමට කාසිය ළග විකිණෙනව වෙතේ
කරුමය කිය කියා බෝසත් ගති වසනු ඇතේ
මව්වරු අතර මහමායා අද කොහෙද පුතේ.....

______________________________
__________දිනිති _____

12 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක් දිනිති !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග....

      Delete
  2. ගොඩාක් ලස්සන වටින නිර්මාණයක් අක්කියෝ...

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මල්ලියේ...

      Delete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හැමදාම වගේ අක්කිගේ අද කවියත් හරිම ලස්සනයි....

    ReplyDelete
  5. හොඳ කවිපෙලක් අක්කේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මල්ලියේ...

      Delete
  6. නූතනයේ නම් එහෙම තමයි. සුළු පිරිසක් නිමා හැම අම්මා කෙනෙක් දිහාම බලන්නෙ ඒ විදියට.

    කවියත් කවිය සදහා යොදාගත් රිද්මයත් හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බෙහෙවින්ම...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...