හිතවත,
අපි හිල් කූඩෙන් වතුර අදිමු
බේසම් අඩියෙන් හඳ අල්ලමු
හණ නූලෙන් ලණුව ගොතන්
තුත්තිරි ගහක එල්ලෙමු....
හාද....හා කියන්න ඉතින්.....
ආයෙමත් බාලාංශෙට යන්
සල් ගහ යට හැංගෙමු
ඔන්න බබෝ ඇතින්නියා
පිටි පෙට්ටිය ගණන් ගියා....
ඇහුනද....ඇහුනද කියන්නකො....
පානුයි පරිප්පුයි දවසක බුදුවෙනවා
බඩුමිල රොකට් එකකින් උඩ යනවා...
ඩීසල් එක්ක ඡන්දය ඇවිලෙනවා
පාසැල් ළමුන් මහමඟ වැලපෙනවා....
අර ඔයා දැක්කද...දැක්කද කියන්නකො..
අපිටත් දවසක හඳ පායනවා
මහරජු දින දින ගොඩ යනවා
හයිවේ එකකින් රජලොව යනවා
උඹටත් බඩගිනි ඇතිවෙද අහනව....
එහෙම හොඳයි නේද....මේ..හොඳයි නේද....
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
ජීවිතේ හුගක් හීන දැක්කෙ නැහැ...දැකපු පුංචි පුංචි හීනයක් දෙකක් සැබෑ කරගන්න අප්රමාණ වෙහෙස වුනා. ඒත් ඒ වෙහෙස අමතක වෙන්නෙ, මල් පිපෙන පොහොට්ටු ද...
හා
ReplyDeleteඇහුණා
දැක්කා
එහෙම හොඳයි
ලස්සන නිර්මාණයක් අක්කී...ඔබට ජය!
ලස්සනයි අක්කේ..
ReplyDeleteමහරජා උඩ යන එක අපට බලන් ඉදන් හූල්ලන්ඩ තියෙන්නේ.
ReplyDeleteලබනපාර ඡන්දෙන්වත් ඕකව ගෙදර යවන්ඩ තියෙනවා නම්...
ඉතින් හිරිනේ ...... ඔකටනේ ආශ්චර්්‍ය කියන්නේ ........ ඇත්ත නේද ?
ReplyDeleteඇත්ත කියන්නකෝ !
"අපිටත් දවසක හඳ පායනවා
ReplyDeleteමහරජු දින දින ගොඩ යනවා
හයිවේ එකකින් රජලොව යනවා
උඹටත් බඩගිනි ඇතිවෙද අහනව...."
කාලෝචිත නිසඳැසක්, එල
හොඳයි හොඳයි එහෙම හොඳයි.
ReplyDeleteඕකට තමයි අක්කේ කියන්නේ ආශ්චර්වය කියල මයේ හිතේ.
නූතන සමාජ කවි. කිව්වොත් හරි.
ReplyDeleteමේක කියෙව්වාම මතක් වුනේ මාලනී බුලත්සිංහල ගැයූ "පුන් පෝදා හඳ ඔබ ගෙන ආවොත් මල්වට්ටිකට අරගන්නම්"
ගීතය
සල් ගහේ පාඩම මතක් වුනා මේක කියවලා. මොනව වුනත් අපි මුලින්ම මල් කඩන්න පුරුදු වුනෙත් එක වසර සි0හල පොතෙන් නේ..
ReplyDelete