නේක දුක්ක දෝමනස්සයක් ඉදිරියේ ජිවිතය නමැති ගඟ ගලා යනවාමය. විසල් පවුරු පදනම් හෝ අත්ල තියා හෝ අපට නැවතිය නොහැකිමය. එහෙත් ගමන් මඟ නම් වෙනස් කළ හැකිමය. මේද එවන් ගමන් මඟක් වෙනස් කළ මගේ ජිවිතයේ තවත් තැනකි. අන්තර්ජාලය තුළ බුකිය ඇතුළු විවිධ ඉසව්වල මොන තරම් දේ කළත් අකුරුක් ලියා ඒ අකුරට නේක පැසසුම් , ගැරහුම් ලැබුවත් බ්ලොග් ලෝකය යනු වෙනමම සොඳුරු තැනකි. එය හුඳෙක් සිතුවිලි වලින් පිරුණ සෞන්දර්යාත්මක හමුවීම් ගහන තැනක්මය...
ඔබ දන්නව මම ඇයි මේ අටුවා ටීකා කියා යන්නේ කියා..ඔව් කීකරු කමක් නැති මගේ සිතුවිලි බ්ලොග් ගත කළ තෙවෙනි වසර සම්පූර්ණ වන දිනය අදයි. පුරා අවුරුදු 3ක් මෙහිදී හමුවුන ආගිය මිනිසුන් ගැන කතා කළ යුතුමයි. ඊට පෙර පුරුදු විදිහට බ්ලොග් එකක් ලියන්නෙ මෙහෙමයි නංගියෙ කියපු දුකා අයිය http://dukaa.blogspot.com/ එහෙමත් නැත්නම් සුභාෂ් අයියව පුරුදු ලෙංගතු කමින්ම අදත් සිහිකරනව. මන්ද යත් එදවස ජිවිතයේ මුහුණ දුන්න ප්‍රශ්ණ හැල හැප්පීම් ජිවිතයටත් වඩා වේගයෙන් දුවමින් සිටි යුගයක්ම වු හන්දාය. මේ ලෝකෙ හැමදේම ඇයි මටම වෙන්නෙ අයියෙ කියා අසද්දි ඒ උඹ දකින විදිහ නංගි කියා කිවු සුභාෂ් අයියේ එදාටත් වඩා ජවයකින් මේ හරඹ දිවි ගමනෙ අද මා කරන්නෙ ඒ වැටි තැලී පොඩි වෙන තැනදීම මට හයියෙන් නැගී සිටින්නට අයියා දුන් වචන වලට පින් සිදු වන්නටය. අද ආපසු හැරී බලද්දී සතුටු වෙන්නට බොහෝ කාරණා ඇත. මඟ හැරුණයි ..වැරදුණායි කියා පසු තැවෙන්නට තිබෙන තැන් බොහෝම අල්පය.
කොයිවෙලෙත් කිසිම කීකරු කමක් නැතිව හැසිරෙන මගේ සිතුවිලි ඔබ වැළඳ ගත්තෙ ආදරෙන්..කවියටත් වඩා ගීතයට පෙම් බැඳි මා දිනෙන් දින ගීත ලෝකය දිනන්නට වැර ගනිද්දී ඔබ නිසා ලැබූ අපිරිමිති සතුට මා අමුතුවෙන් කියන්නට අවැසි නැත. සයිබරය යනු ගල් සහ මල් ද පිරුණ තැනක්මය. එමෙන්ම කකුලෙන් ඇද බිම දමා සතුටු වන ඔවුන්ද හිඟ නොමැත. එවන් තැනකදී සැබෑ මිනිසුන් බොහොමයක් බ්ලොග් ලෝකයේදි මට හමුවිය... අස්වැන්න ලියන http://aswanna.blogspot.com/ දයානන්ද රත්නායක අයියා, සමකය වටේ ලියන http://samakayawate.blogspot.com/ නලීන් දිල්රුක්ෂ...වැනි මිනිසුන් පමණක් නොව වැහි වැටෙන තැන ලියන http://wehimandarama.blogspot.com/ ආදරණීය පුංචි නංගි, මධුරංගගේ සටහන් ලියන http://madurangacreations.blogspot.com/ මධුරංග, ස්වයාක්ත ලියන http://swayaktha.blogspot.com/ ලියන නුවන් මල්ලි වැනි අය මා මේ බ්ලොග් ලෝකයේදී හදුනාගත් මිනිසුන්ය..
වර්ණයට පාට තවරණ දිනේෂ් උමගිලිය මල්ලි...බට්ටිගෙ සිතුවිලි ලියන බට්ටි නංගි ..සිතුම් පැතුම් මල්ලි ,තොටුපල අයිනේ තොටි මල්ලි..තනි අලිය මල්ලි, අත්තම්මගෙ පෙට්ටගගෙ ලොකු ජෝන් , සිතුවිලි පලස අතුරණ සුදා, කූබු, නෙත්පානි, විමුක්ති, ජිංජිබිරිස්, අඩවි රජා, සිතුවිලි දැහැන, බීටා මල්ලි, ඇතුළු තව බොහෝ නංගිලා..මල්ලිලා...සමඟින් සහෝදර පිරිසක් හමු වුයේද මෙතනදීය. කිසිදු කුහකත්වයක්, නැතිව හුදෙක් හදවතේ සැනසුමින්ම ඔවු නොවුන් ඇවිදින් යන සැරිසර යන තැනක් වූ ආලවන්ත හුඳකලාවේ සිට බලා උන් මට දුන් දිරිය වචනයකට කැටි කළ නොහැක. තව නම් ගම් රාශියක් ඇත. එහෙත් නොලිවුවා කියා තරහ වෙන්න එපා..තරහා නොවන බවද මා දනිමි. මෙයද අද අලුයම 4.30 ට අවදිවී තබන සටහනකි.
එමෙන්ම පහුගිය කාලයේ මට බොහෝ මිතුරන්ගේ බ්ලොග් සටහන් මඟ ඇරුණි. මගේ බ්ලොගයද කරන්නට බැරි තරමට මා රාජකාරී ජිවිතයේ හිරවිය. බුකියේ මොනවා හෝ දෙයක් එවලෙම ටයිප් කර විසි කර ගියද මා බ්ලොගයේ එසේ නොකරමි. ඒ මෙය මගේ ප්‍රථම ප්‍රේමය තරම්ම අමතක නොවන ඉසව්ව හන්දාමය. ලේ ගලන දෙපයකින් නැගී සිටින්නට හයියක් දුන් ලෙංගතුම හස්තය මෙයම වු හන්දාය.
ඉඳින් තෙවසරක් පිරෙන මගේ බ්ලොග් එකට ඇවිත් යන
කොමන්ට් දමා යන සියළුම ආදරණියයන්ට හදවතින්ම ස්තුතියි.... මගේ බ්ලොග් එක
දැකලා මුහුණු පොතට විවිධ දිරි ගැන්වීම් කරමින් පණිවිඩ එවන ආදරණිය ඔබටත්
ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා....කාලයක් නොලියා ඉදියත්
කවමදාවත් අමතක කරන්න බැරි මගේ ප්‍රේමණිය ....ආලවන්ත හුඳකලාවට..... සුභ උපන්
දිනයක් වේවා.....
හැබැයි අවිවේකී දිවියෙම හඳිස්සියෙ පටන් ගත්ත මගෙ අලුත් ප්‍රේමය ගාවටත් එන්න කියල ආරාධනාවක් මම අද කරනව. මේ තමයි එතන. http://dinithigegeethaya.blogspot.com/
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
සයිබර් අවකාශයෙන් හම්බ වෙච්චි හුගක් දෙනා අතරේ අක්කණ්ඩිට හිමි වෙන්නේ අවිවාදයෙන් ම පළමුවෙනි තැන... අක්කණ්ඩි හින්දා කවියේ අන්තර්ජාලයේ නිම්හිම් ගවේෂණයට ගියපු මට අන්තිමට අන්තර්ජාලයේ රේඩියෝ ඉස්මත්තත් හම්බ උණේ අක්කණ්ඩි හින්දා... මේ දෑලතුරේ අක්කණ්ඩි හින්දා මට ලැබිච්චි පෝසත්කං අනන්තයි... අක්කණ්ඩිට සුබ පතන ගමන් කට පුරා ස්තූතියි අක්කණ්ඩියේ කියන්නේ අක්කණ්ඩිගෙ ආදරේ මට මහමෙරක් තරං හින්දා...
ReplyDeleteසුබ ගමන් අක්කණ්ඩියේ...
ඔයාල ඉතින් මට මගෙම මල්ලිල වගේනෙ.. හුගක් ස්තුතියි මල්ලි.
Deleteජය !
ReplyDeleteස්තුතියි හුඟක්ම.
Deleteමගේ සුබ පැතුම් දීපිකා... අලුත් ඉසව්වටත් එන්නම්.
ReplyDeleteබොහොම ස්තුතියි නලීන්...
Deleteජය වේවා....!!!!!
ReplyDeleteරංගි..ස්තුතියි හුඟක්ම...
Deleteමමත් හදවතින්ම සුබ පතනවා. ඇත්තටම බ්ලොග් අඩවියකින් ඉගන ගන්න හැකි දේ බොහොමයි. ඒවා නිසි අයුරින් ප්‍රයෝජනයට ගත්විටකදී, "ආලවන්ත හුදකලාව" ඒ දේ නිසි අයුරින් කරනවා. ඉතින් තව කුමක් කියන්නද,මේ ලෝකය තවත් සොදුරු තැනක් කරන ඔබට නැවතත් සුබ පැතුම්.
ReplyDeleteහැමදාම වගේ අයිය ඇවිත් දෙන සවිය අපමණයි...බොහොම ස්තුතියි දයානන්ද අයියෙ...
Deleteඋණුසුම් සුභපැතුම්! :)
ReplyDeleteගොඩක් ස්තුතියි මල්ලියේ...
Deleteඅවුරුදු 3ට සුභ පැතුම් නංගී . . . .
ReplyDeleteලොකු අයියේ...ඔයාට ඉතින් හැමදාම ස්තුතියි කිවුවත් මදි මට...
Deleteසුභ පැතුම් අක්කේ..
ReplyDeleteස්තුතියි බට්ටියේ...
Deleteසුභ පැතුම් අක්කේ.. මම ඔයාව අදුනන්නේ ඉතින් මුහුණුපොතේ කවි ලියන දවස් වල ඉදන්නේ.. ඔයා ලියන ඒවට මම කෝමත් කැමති..
ReplyDeleteඅපි බුකියෙන් අදුරගත්ත අයනෙ මල්ලියෙ..ඉස්සර සුන්දර ලෝකයක් තිබුණ කවියත් එක්ක බුකියෙ. දැන් වගේ නෙමෙයිනෙ..
Deleteස්තුතියි මල්ලියේ...
හැපි බොලොග් බර්ත් ඩේ......
ReplyDeleteඅද ඉඳන් ඔය ලිස්ට් එකට මමත් එකතුවෙනවාලූ.....
බොහොම ස්තුතියි යසිත්....
Deleteඇවිද යද්දී නොදැන බ්ලොග් මග
ReplyDeleteමුණ ගැහුණු සොදුරුම කෙනෙකි නුඹ
කවි අහස නුඹ පුරා සද නම්
අපි වෙමුය වට දිලෙන තරු කැට
මුණ ගැහුණු මුල් දවස්වල සිට
සොයුරියේ දිගු කලක් වී ඇත
ඒත් නුඹෙ කවිකාර මිතුදම
අලුත් වනු මිස පරණ වී නැත
ඉතින් හිනැහී අලුත් වසරක
පිපුණු මේ මුදු ආලවත්කම
හුදෙකලාවෙන් මිදී ඉගිලී
නවතන්න සෙනෙහැති සිතක් ළග
ආලවන්තයි හුදෙකලාවම
සෙනේවන්තයි සෑම කවියම
පිරී මුළු දිවි තැනිතලාවම
පහන් වේවා සුබ උදෑසන
සියක් ගස් මල් දරාගෙන
Deleteසිනාසෙනම හැම උදෑසන
මටත් නොකියම මං සොයාගෙන
බැලුව කවිමල් ඔබෙයි හැමදින....
ගොඩක් ස්තුතියි මගෙ පුංචි නංගියේ.....