Friday, February 24, 2017

කෙටි ඇසුර

අපට තිබුණේ කෙටි ඇසුරවල්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
දෙතොල් හාදුවක හැඩ රුව මනින
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
මුරංඩුම සුළං රැල්ලකට ඉව අල්ලන
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
රාත්‍රියෙ සයනයේ පෙරලි පෙරලී
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්

2017 පෙබරවාරි 18

2 comments:

  1. ලස්සනයි අක්කා.... දිගටම ලියමු.. ජය වේවා!!!!

    ReplyDelete
  2. දෙතොල් හාදුවක හැඩ රුව මනින
    ෆල්යින් කිස් එකකින් මත්වෙන
    ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
    අපට තිබුණේ කෙටි ඇසුරවල්
    --
    පාර්ට් ටයිම් ලව් එකක් ගැන ලස්සන කවියක්

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...