Tuesday, February 28, 2017

ලේ කඳුළු

සඳක් බැසගෙන යන කලාවට
කවක් ලියවෙයි නොදත් තාලෙට
රැහැයි හඬ ඉල්ලන සවණතකට
බැහැයි නොකියා අඬාපන් උලලේනියේ තරඟයට
මොර ගෙඩි , පැණි වරකා සුවඳට එල්ලුන වවුලන්ද
කජු ගෙඩි බිම දමන සද්දය හිත වටකර යුධ පිටියක්ය
රඹුටන් ගහේ මැද හරියේ එල්ලුන බකමූණෙක්ද
හූමිටි තලන හැටි පුදුමයි මා ගැන දැනුනාවත්ද
දේදුනු පිපෙනවද තරුවැල් මඟ කියනකොට
පොරිමල් සුවඳ හිත ඉල්ලයි ගොළුවත සතුටක්ය
පීදුනු රෑකඩුපුලක් ඉවකරනා මැඩියෙක්ද
බෝවිටි පඳුර යට හිටියා දුටුවේ නැහැ කවුරුත්ම
සැලමුතු සිහින ගුලිකර හැට්ටය අස්සෙ ඔබා
පිවිතුරු පිච්ච මල නෙතු සඟලම බිමට යවා
කළුතර බෝධියේ මලසුන හිතින් මවා
අළුකර යැවුව හැටි පුදුමයි සෙනෙහසද අසා
අම්මේ ප්‍රේම කෙරුවේ හදබිත මත දෙව් රුවක් තනා
යන්නේ කොහෙද නොමඇසුවේ දෙවිදුන් ඔහුය සිතා
දන්නේ දෙයියො විතරයි ලේ කඳුළත් මගෙම තමා
අම්මේ දල්වපන් පහනක්, කළුවර සොහොන මෙමා

4 comments:

  1. අනේ මන්දා නොයෙක් දේවල් හිතෙනව

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්. එහෙම නොවී බැහැනෙ

      Delete
  2. කියෙව්වාට පස්සේ එක එක අදහස් හිතට ආවා...
    ඒ නිසා දෙතුන් පාරක්ම කියවලා බැලුවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...