අපට තිබුණේ කෙටි ඇසුරවල්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
ළඟට ගොස් හැරී එන හමුවීම්
මතක අතරින් අලුත් සඳ සොයන්
පපුව අතගගා හූල්ලන තනිකම්
දෙතොල් හාදුවක හැඩ රුව මනින
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
ෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
මුරංඩුම සුළං රැල්ලකට ඉව අල්ලන
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
පාව යන ගාර්ඩිනියා සුවඳකට සම කරන
ඒ තමයි අපි අතර තිබිය යුතු ස්මරණ
කිය කියා නහය නැටවුව වෙලාවල්
අපට තිබුණේ එවන් කෙටි ඇසුරවල්
රාත්‍රියෙ සයනයේ පෙරලි පෙරලී
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්
වහළයේ සිතුවමක් මවන්නට දගලන
එයා මට ආදරෙයි, මාත් එයාට ආදරෙයි
කොට්ටයක් බදාගෙන නොදන්වම නින්දයන
සිහිනයෙන් පවුල් පන්සල් වෙන
අපිට තිබුණේ කෙටිම කෙටි ඇසුරවල්
2017 පෙබරවාරි 18
ලස්සනයි අක්කා.... දිගටම ලියමු.. ජය වේවා!!!!
ReplyDeleteදෙතොල් හාදුවක හැඩ රුව මනින
ReplyDeleteෆල්යින් කිස් එකකින් මත්වෙන
ගිහින් එන්නම් කියා ඇස්වලින් මතුරන
අපට තිබුණේ කෙටි ඇසුරවල්
--
පාර්ට් ටයිම් ලව් එකක් ගැන ලස්සන කවියක්