Thursday, January 21, 2016

ගඟක සැනසුම සයුරම ද ?

සියුම් ඉසියුම් තැනද දැනගෙන
රැවුම් ගෙරවුම් බැනුම් විදගෙන
නැවුම් සැනසුම් පැතුම් අරගෙන
හෙමින් ගලනව ගඟක් තතුදැන

පෙත්තො හඳයොද ලූලො කනයොද
කිඹුලො දිය නයි රවුම් සුලි මැද
පොල් පුවක් හල් ගෙඩි කරට බැඳ
ගඟක් යන්නේ දෙපස ඇස් මැද

සිහින් ඉඟරැලි සිඹින පාසිද
හෙමින් සිපගත් සුමුදු සුළඟද
හිතින් විඳගත් පැතුම් පොදි මැද
ගඟක සැනසුම සයුර විතරද ?

5 comments:

  1. මේ කවි ටික කියවනකොට මට මතක් උනේ සුනිල් එදිරිසිංහ මහතාගේ මෙන්න මේ සින්දුව-
    සයුරක්- නොදුටු ගඟුලක්..
    කිසිදා ගලන්නේ නෑ....

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක්.

    ReplyDelete
  3. ගංගා වලට ලංකාවෙදි නම ්මූදම හම්බු වෙනවා..ඒත් වෙන රටවලදි මූද නැතුව ගංගාව රටකින් තව රටකට යනවා..

    ReplyDelete
  4. සයුර හමුවෙලත් සැනසුමක් තියේවිද?

    ReplyDelete
  5. //ගඟක සැනසුම සයුර විතරද ?//

    සයුරක් නොදුටු ගගුලක් කිසිදා ගලන්නේ නැහැ කියන ඒකට හොද ප්‍රශ්ණයක්...... අගෙයි........

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...