Tuesday, January 26, 2016

අපේ ඒ මහා කන්ඳට

පහළ සිට බැලූ කළ හිස නවාගෙන
මුහුණෙ කඳුළැලි හංගගෙන
නොයා බැරි හන්දා නම්
ගිහින් එන්නකො කිය කියා
අපේ ඒ මහ කන්ද මට
අත වනපු හැටි තවම මතකයි
පුහුලන් පුරවගෙන හිටි කජු ගහේ අතු
එක පොඳියෙ එකටම තුරුළු වීගෙන
අදින් පසු කවුරුන්ද දුක සැප අහන්නේ
මහා ශබ්දය පිට කරන් ඉකියකින්
සමු දුන්නෙ මටම විතරද ?
කැන්ද ගහ තරහක් නැතිවාම
හැලප කන්නට කියා කොළ
දරට කියමින් වියලි අතු ගන්න
ඔහුගෙ බඳ මම දෙපයින්ම පාග පාගා
තැලූවත් රැකවරණයෙන් මා බලා
ගත්ත හැටි අමතකම නැහැ අදත්
බටදොඹ ගහේ ඇඹුල් පැණි රසට
ලොබ බැදන් කෙළ හැලූ
රඹුටන් ගහේ ලේනුන් අත නිකටෙ තියාගෙන
අාපහු එනව නේදැයි අසමින්
බලා හිටි හැටි අද වගෙම මතකයි
මහා වැස්සට හෝදගෙන ගියත් මහ කන්ද
බොහෝ දුක් පීඩා පිස දැම්මා මගේ හිස මත
එදා වාගේ දණ නමා නුඹ කරට නඟින්නට
මෙදා පාරත් මම එනව දුක සැප අසන්නට
එතෙක් තරහක් නොගෙන පෙර ලෙසට
මගේ අම්මව බලාගනු මැන ආදරෙන් හොඳටම.

8 comments:

  1. මොකක් නමුත් ලග ලග
    තිබු දෙයක් ඈතට ගොස් ඇති දුක
    පේනවා මේ කවි දැක්කම..

    ReplyDelete
  2. ලස්සනයි. එන අදහස් කියාගන්න තේරෙන්නෑ..

    ReplyDelete
  3. ඉන්නකොට දුරු රට
    මතක් වෙන එක ගේ දොර
    ඒ අවට සුස්මනය
    රිදෙනවා ඇති හොඳටෝම...

    ඉක්මණින් ගම රට
    ඇවිත් යන්නට ලැබෙන්නට
    පතනවා මම හදවතින්ම

    ReplyDelete
  4. ඉන්නකොට දුරු රට
    මතක් වෙන එක ගේ දොර
    ඒ අවට සුස්මනය
    රිදෙනවා ඇති හොඳටෝම...

    ඉක්මණින් ගම රට
    ඇවිත් යන්නට ලැබෙන්නට
    පතනවා මම හදවතින්ම

    ReplyDelete
  5. මොකද්ද මේ වෙන්වීම?

    ReplyDelete
  6. වෙනදට වැඩිය කවියේ ෆෝමැට් එක වෙනස්.
    හිතේ තිබුන ටික එහෙමම ලියලා දාලා කියලා හිතුනා.

    ReplyDelete
  7. ඔයැයි ලංකාවට ඇවිත් ආපහු ගියයි...???

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...