Sunday, January 3, 2016

ජීවිතේ කොටසක්ය මේ

සේලයින් බිංදුවක් මේතරම්
සංයමෙන් පහළට වැටෙන්නේ කොහොමද ?
සිරිංජර් කටුවකට ඔය තරම්
ආදරේ යවන්නේ මොන හිතකින්ද

මිලිග්‍රෑම් වලින් උඩ යට යන ඉලක්කම්
හදවතට කොච්චරක් කතා කියනවද
හැම තැනම හිනාවෙන අඬන මුහුණුම
එක පාර ඩෝං ගාන සද්ද ගේන
රුධිර පීඩන මානය දන්නේම
අතකින් අතකට මාරුවෙන්නට
උණ කටුව කියන්නේ සීතලේ
ගුලිවෙන්න ඕනි බව නිතරෝම

හැගුම් අහිංසක බව දැනෙන්නට නම්
අතින් අල්ලන් ඇස් පතුලකට එබෙන්න
මිනිස් කැළ මැද උමතුවෙන් උපන් උන්
හා ගෙවෙන වෙලාවල් මේ යන්නෙ
පිස්සෙක් කියන්නේ මිනිහෙක්ට
මිනිහෙක් කියන්නේ පිස්සෙක්ට
පිස්සෙක් එක්ක මිනිසෙක් ඉන්නවා කියන්නේ
ඔය දෙක අතර මැද නින්දකට

11 comments:

  1. හරිම ලස්සනයි.... මම ආසම,

    පිස්සෙක් කියන්නේ මිනිහෙක්ට
    මිනිහෙක් කියන්නේ පිස්සෙක්ට
    පිස්සෙක් එක්ක මිනිසෙක් ඉන්නවා කියන්නේ
    ඔය දෙක අතර මැද නින්දකට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  2. //හැගුම් අහිංසක බව දැනෙන්නට නම්
    අතින් අල්ලන් ඇස් පතුලකට එබෙන්න
    මිනිස් කැළ මැද උමතුවෙන් උපන් උන්
    හා ගෙවෙන වෙලාවල් මේ යන්නෙ//
    මනරම් පැදි පෙළක් . ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩි.

      Delete
  3. කාලෙකින් පෝස්ට් එකක් දක්කේ.. හාපෝ සිරින්ජර් නම් මතක් කරන්න එපා. දවසක් හොඳටම උණ ගැනුනා. මට මේ ඇවිදින්නවත් පණ නැතුව ඉන්නවා.. මුන් ඇවිල්ල ලේ සාම්පල් ගන්නවා.. එක වැර ගන්න බැරිද මන්දා.. ඇඟේ ලේ නැතුව මැරෙයි කියල හිතුන එදා නම්...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ
      කවුරුත් හුගක් වෙලාවට සිරිංජර්වලට බයයි මල්ලියෙ.

      ස්තුතියි ඇවිත් යනවට මේ පැත්තෙ.

      Delete
  4. ලස්සන කවි ටිකක් අක්කේ. හුඟ දවසකින් මේ පැත්තේ දැක්කේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ.

      Delete
  5. පිස්සෙක් එක්ක මිනිසෙක් ඉන්නවා කියන්නේ
    ඔය දෙක අතර මැද නින්දකට///

    මේ ගැන නං මට තව හිතන්න වෙයි...
    පිස්සෙක් කියන්නෙ මිනිහෙට්ට නං මිනිහෙක් කියන්නෙ පිස්සෙට්ට නං අපි ඔක්කම පිස්සොද
    ඔව් වෙන්න ඇති
    මොකද මව අලුතෙන්ම හම්බෙන ඕන එකෙක් විනාඩි දහයක් යන්න කලිං අහන්නෙ තොට පිස්සුද කියල
    නැත්තං තොට නං මොංගල් කියල
    හිහි

    පට්ට කවිය අක්කෙ ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete
    2. බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...