Friday, June 5, 2015

දිවියක ගමන

කොපුලත රැදෙන සිහිලස් උණුසුම් පහස
ලවණත රසය දැනිලා යයි බැස විගස
උරමත ගැහෙන ඉස්සෙන බර කඳෙ රහස
කවිමත නොමැත සසරක උහුලන වෙහෙස

පෙරපස නැගෙන හිරුටත් උරුමය බැස යාම
අහසක කොහෙද අපිටම අයිතිය පැතිරීම
මඳහස රකින පිනිබිඳ මොහොතින් වියලීම
දස අත දුවන ගමනක කොතනද නැවතීම

විනිවිද පෙනෙන හදවත් නැතිවිට හමුවීම
සිද බිද යෑම අත්වැල් නැවතිය බැහැ කෝම
කඩු තුඩ මතට ගෙල තියමින් නිති හිනැහීම
ලෙස දැක ගත හැකිය දිගු මේ ගමනක යෑම

3 comments:

  1. ගැල යන්නේ කරත්තයටවත් ගොනාටවත් ඕනෙ විදියට නෙවෙයි.. මුදලාලිගේ කැමැත්තට.. ජීවිතයත් ඒ වගේනෙ දිනිති.. බොහෝම අගේට කවි ටික අමුණල..

    ReplyDelete
  2. දිවියක ගමන වෙලාවකට තේරුම් ගන්න හරි අමාරුයිනෙ අක්කේ.

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...