කොපුලත රැදෙන සිහිලස් උණුසුම් පහස
ලවණත රසය දැනිලා යයි බැස විගස
උරමත ගැහෙන ඉස්සෙන බර කඳෙ රහස
කවිමත නොමැත සසරක උහුලන වෙහෙස
ලවණත රසය දැනිලා යයි බැස විගස
උරමත ගැහෙන ඉස්සෙන බර කඳෙ රහස
කවිමත නොමැත සසරක උහුලන වෙහෙස
පෙරපස නැගෙන හිරුටත් උරුමය බැස යාම
අහසක කොහෙද අපිටම අයිතිය පැතිරීම
මඳහස රකින පිනිබිඳ මොහොතින් වියලීම
දස අත දුවන ගමනක කොතනද නැවතීම
අහසක කොහෙද අපිටම අයිතිය පැතිරීම
මඳහස රකින පිනිබිඳ මොහොතින් වියලීම
දස අත දුවන ගමනක කොතනද නැවතීම
විනිවිද පෙනෙන හදවත් නැතිවිට හමුවීම
සිද බිද යෑම අත්වැල් නැවතිය බැහැ කෝම
කඩු තුඩ මතට ගෙල තියමින් නිති හිනැහීම
ලෙස දැක ගත හැකිය දිගු මේ ගමනක යෑම
සිද බිද යෑම අත්වැල් නැවතිය බැහැ කෝම
කඩු තුඩ මතට ගෙල තියමින් නිති හිනැහීම
ලෙස දැක ගත හැකිය දිගු මේ ගමනක යෑම
ගැල යන්නේ කරත්තයටවත් ගොනාටවත් ඕනෙ විදියට නෙවෙයි.. මුදලාලිගේ කැමැත්තට.. ජීවිතයත් ඒ වගේනෙ දිනිති.. බොහෝම අගේට කවි ටික අමුණල..
ReplyDeleteලස්සනයි
ReplyDeleteදිවියක ගමන වෙලාවකට තේරුම් ගන්න හරි අමාරුයිනෙ අක්කේ.
ReplyDelete