Saturday, January 31, 2015

උදුරාගත් අයිතිය

දුනු හී සම වදන් නැතිවම
කුමරුන් සමඟ සරණව යනෙන විට
අතර මඟ පර්වත මුදුනකින්
පෙරලූ පව බර ද කරුමයට


ඵල බර වනස්පති පිරි ලැහැබෙ
සැලමුතු පෙම තිබුණි හද මඩලෙ
ගඟ දිය මත පිපුණු කොඳ කමලෙ
පිනි බිදු සැලුණෙ කිම හිමිදිරියෙ


තුනු සිහිනිගිටි සොඳුරු සියොළඟ
හුනු වී ගලන ස්නේහය අපමණ
කුණු වී ගඳ ගහන මඩ ගොහොර
හමු වී සිප ගත්තෙ කිම විගස


රන් රිදී නෙක වෛවර්ණ
යයි සැලී ගහ කොළද ඈ සමඟ
මං මුලා වැල් ඇතිරු ගමනක
උන් සොරාගත්තා ඇගෙ සිහින


2 comments:

  1. දිනිතිගේ අපුරු පද සංකල්පනාවක් හැමදාම වගේම .

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...