ගලා යන ගඟක් ළඟ නැවතුනොත්
මගේ හදවත පතුළෙ ඇත
වරක් හෝ බලපන් දුවේ
සින්න කරගත් මේ ජීවිතේ
බලා හිටි තැනක් නුඹ දැක්කොතින්
ඒ නුඹේ ඇස් දෙකයි
සත්තමයි මගෙ දුවේ
කැඳැල්ලක් නැති කිරිල්ලියො
ආකහේ යට පැටවු රකිනව
නොදැක්කා නම් නුඹ
මගේ වත බලපන් දුවේ
වියරණ කිසිත් සම නැති
නිමාවක සළකුණක් පේන්නැති
තාලයක් නැතිවම ගයන
ගීතයක් මං මගෙ දුවේ
කාලයට ඉඩ දී බලා හිටපන්
පාපයට දඬුවම් එපා කියපන්
සාපයට කිසි දිනක නොගොසින්
හීනියට ජීවිතේ නුඹ වියාපන්.
බලා හිටි තැනක් නුඹ දැක්කොතින්
ඒ නුඹේ ඇස් දෙකයි
සත්තමයි මගෙ දුවේ
කැඳැල්ලක් නැති කිරිල්ලියො
ආකහේ යට පැටවු රකිනව
නොදැක්කා නම් නුඹ
මගේ වත බලපන් දුවේ
වියරණ කිසිත් සම නැති
නිමාවක සළකුණක් පේන්නැති
තාලයක් නැතිවම ගයන
ගීතයක් මං මගෙ දුවේ
කාලයට ඉඩ දී බලා හිටපන්
පාපයට දඬුවම් එපා කියපන්
සාපයට කිසි දිනක නොගොසින්
හීනියට ජීවිතේ නුඹ වියාපන්.
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
ReplyDeleteමේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි
මගෙ දුවේ නුඹ...
ගණ කළුවරට අප පෙම් කලොත්
ඉර හඳ තරුවනට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරලා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි
මගෙ දුවේ නුඹ...
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
මේ සිංදුවෙ අන්තාම පේළි ටික තමා මගෙත් ජීවන ගීතය. ස්තුතියි මිත්‍රය.
Deleteමේකෙ මගෙ දුවේ කියල මාතෘකාව දුන්නට මේ අම්ම වෙනස් කෙනෙක්. රත්න ශ්‍රී කියන දුවට වගේ කියන්න මේ අම්මට බැහැ. :-)
මං ලියන්න හිතං ආව හක කළණෙ ලියල නෙව
ReplyDeleteමක් කරන්නද හිටං
අපූරුයි කියල මාරු වෙනව හැරෙන්නට
ස්තුතියි මල්ලියා. :-)
Deleteතැන්කූ.
ReplyDeleteදැන් කාලේ දුලට නම් ඔහොම තියා ඔලුවෙන් හිටං කිව්වත් වැඩක් නැහැ :(
ReplyDeleteඅගේ ඇති පද වැලකි !
ReplyDelete