අපේ කිරි අම්මා මැටි ගේක ඉඳියෙ නැහැ. ඒත් මේ
කවිය එක්ක, එහෙම නැත්නම් ගීතය එක්ක මගේ හිත දුවනව ඈ උන්නු කාලෙට. අපිට අපේ
කියන්න නෑයෙක්ට අපේ ගෙදරට ආවෙ, අපිට පහුසුවෙන්න යන්න තිබුණෙ අපේ කිරි අම්මගෙ ගෙදර විතරයි.
ඇයගෙ ගෙදර ඉස්තෝප්පුවෙ ඉදන් බණ පොත් කියව කියල ඉද්දි ඉස්කෝලෙ බෑග් එකත්
කරේ එල්ලන් පෙරේතයො වගේ යද්දි බත් මුට්ටියෙ බත් ඇති කාල ඉඳපන් කිවුවෙ ලෝබ
නැතිව අපේ කිරි අම්මා විතරමයි.
ගහක වැල ගෙඩියක්, වරක ගෙඩියක් ,
කුරුම්බා ගෙඩියකට කුරුමාණම අල්ලල ගහ බදාගෙන බඩගාද්දි පොල් පිත්තක් අරගෙන
බැහැපිය ගහෙන් බිමට කිය කියා කෑගැහුවෙ අපේ කිරි අම්මා විතරයි.
ගෙදරට චීත්තෙ හැට්ටෙ අදින, නාපු වෙලාවට සුදු දිග කෙස් වැටිය කඩා දාගෙන ඉන්නකොට රූප සුන්දරිය පරාදයිනෙ කියල හිනාවුනේ අපි.
ඔසරියක් පටලවගෙන ගිනි මද්දහනෙ අපේ ගෙදරට හැරෙන කන්ද පාමුල ඉදන් අපිට අඩ ගගහා කන්ද නැග්ගෙ අපේ කිරි අම්මා විතරමයි.
අපිට මොනව හරි අත මිට මොලවන් ආවෙ ඇය විතරමයි.
වැඩියෙන් සල්ලි තියෙන සල්ලිකාර මාමා කෙනෙක්ගෙ හරි ලොකු අම්මා කෙනෙක්ගෙ හරි
ගෙදරට ගිහින් කිරි අම්මගෙ වියදමට දෙන සල්ලි මෙන්න බන් උඹලට කියල හැට්ටෙ
අස්සෙන් අරගෙන දුන්නෙ අපේ කිරි අම්මා විතරමයි.
ඇයට තිබුණ ඒ ලතෙක් හදවත සමහර වෙලාවට මං අපෙ අම්මගෙන් හොයනව.
හරිම පින්බර මුහුණක් තිබුණ ඈ නිවන් පුරේ අපිට කලින් යන්න යයි කියල හිතෙන්නෙ ඒකමයි මට.
ඉතින් ඔය ඔක්කොම වැල් වටාරම් එක්ක හිත ගියේ මෙන්න මේක නිසයි. ඔබත්
විඳින්න. අපේ කාලයේ අයගෙ අතීතය මේ අස්සෙ ඇති අනිවාර්යයනේම. අපිත් කිරි දත
හොල්ලල හොල්ලල ගලවල ලේනෝ ...ලෝනෝ..මේ දත අරගෙන වෙන දතක් දීයෝ කියල වීසි
කරපු පරම්පරාවෙ අය නිසා. smile emoticon ස්තුතියි රජී වසන්ත වෙල්ගම නම් ගේය
පද රචකයාට.
බිම වැටුණ කිරි දතට
අඬන මගේ ළපටි හිත
අඹ ගහේ ලේනකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා
රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටු ගෙදර උන්නා
මා නමට ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
හඬන කෝඳුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරි අම්මා
මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්න
වෙබ් අඩවියේ තැනක
හමුවුණොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරි අම්මා
ගීතය අහන්න මෙතනින්...
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
සිංදුව කලින් අහපු බවක් මතකයට එන්නේ නෑ.. කොහොම වුනත් අදහස නම් හුඟක් ලස්සනයි..
ReplyDeleteකිරි අම්ම කෙනෙක්ගෙ ඒ සෙනෙහස ලබන්න පිං කරල තියෙන්නත් ඕනේ.ඒ අතින් නුඹ වාසනාවන්තයි සහෝදරිය
ReplyDeleteරජී ලියපු එකක් නං ආයෙ හෝදන්ට දෙයක් නෑ...
ReplyDeleteඅහන ගමන් බාගෙනම
අපූරු සිංදුවක් අක්කෙ
ස්තූතියි
මමත් මේ ගීතය කලින් අහපු බව නම් මතක් නෑ. ස්තුතියි දිලිනි
ReplyDelete