Saturday, January 10, 2015

මගේ අක්කා

මහා වැස්සක හබරල පත්‍රයක් ගෙන
මගේ හිස මත දිය බිංදු පන්නා
වහා ඇවිලෙන කුස ගින්න මතදී
නුඹ අතේ බත් පිඩක් තිබුණා

රාත්‍රියකදි තරු එළිය අරගෙන
වරෙන් කියමින් අත්ලතින් ඇද්දා
කාත් කවුරුත් නැති දිහාවක
මගේ කියමින් බදා ගත්තා

කෝටියක් දේ ගැන කියන්නට
බෝම අසමත් වුනත් දිවියේ
කාසියක් නැති ජීවිතය අස්සේ
මගේ අක්කා ළඟින් රැදුණා


6 comments:

  1. කාලෙකින් ආපහු , දිනිතියගේ හුරුපුරුදු රටාවත් එක්ක

    ReplyDelete
  2. ලස්සන කවි ටික අක්කේ..

    ReplyDelete
  3. ඒක තමයි සහෝදරකම...................

    ReplyDelete
  4. Your writings are as beautiful as moon light ...
    as sweet as bee honey...
    I would never get tired of the song written by you ...
    it is on my play list ...when ever I listen to it I replay it before moving on to the next...it is so mesmerizing....I could visualize the artist on the Seegiri rock ...
    Good luck with writing and everything else !
    Triple gem/God bless !

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...