සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...
සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...
සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා
හැඩයි රසයි
ReplyDeleteස්තුතියි අයියා..
Deleteඅගෙයි අගෙයි. පද ගැලපුම උපරිමයි.
ReplyDeleteබොහොම ස්තුතියි නලින් අයියෙ..
Deleteලස්සනයි අක්කෝ..
ReplyDeleteස්තුතියි මල්ලියා
Deleteඅපූරුයි
ReplyDeleteවෙනද වගේම පට්ට ලස්සනයි....
ජයවේවා
බොහොම ස්තුතියි මහේෂ් මල්ලියෙ.
Deleteසෙත් කවි කිව්වම හරි යනවලු නේ කවද හරි.. හැක්
ReplyDeleteඅනේ මන්දා මොන කවි හරි කියල බලන්න ඕනි දවසක...
Delete