Thursday, May 29, 2014

ආදරේ පිරෙයි..ඔබ එන්න ප්‍රියේ



සංසාර කෙතේ අස්වැන්න වෙලා
නුඹ බලා සිටී මුදු සිනා සලා
ඉසිඹුවක් ලබා මම ඇදෙමි සොයා
පෙම් කවක් ලියා මුළු හිතම පුරා...

සෙනහසින් අරුණැලි ගලා
පුබුදුවයි හැගුමන් නුරා
නුඹේ හදවත් ආරණ්‍යයේ
ගී ගයමි ගිරවිය වෙලා...

සදා පැදකුණු කරන බෝමැඩ
වගෙම ඔය හිත නැමදලා
නෙළා දෝතට ගන්න අවසර
එන්න පෙරඹර දසුනක් වෙලා



10 comments:

  1. අගෙයි අගෙයි. පද ගැලපුම උපරිමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියෙ..

      Delete
  2. ලස්සනයි අක්කෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා

      Delete
  3. අපූරුයි
    වෙනද වගේම පට්ට ලස්සනයි....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් මල්ලියෙ.

      Delete
  4. සෙත් කවි කිව්වම හරි යනවලු නේ කවද හරි.. හැක්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මොන කවි හරි කියල බලන්න ඕනි දවසක...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...