Sunday, March 30, 2014

දන් දෙන්න බැරි ස්නේහේ

නුමා නුඹ නොඑන්නම ගියානම් වනයට
සිරස ගිරිහිස ගා නොවැලපෙමි මෙමං
පෙමා උපමා තනන්නද තව ළමෝ දෙ‍දෙනට
උරහිසක සවි දෙන්න බැරි වෙයිනං


වනේ පීරා කෑගසා හිවලුන් දෝංකාරෙට
තළයි හූ හඬ නිනවුවක් නැත ඉසවුවේ
තනේ දෙන්නට බැරි ගැටවු වයසේ පුතුන්
අසයි බිඳලන්න දොරගුළු පර්වතේ


පිරී කිතුගොස ධජ නගා කේසර ස්වරේ
හැරී එන්නට බැරි බවයි නුඹෙ ඇඟවුනේ
හැපී හිරු අවරට යන විටදි බය හදවතේ
මැරී යන්නට බැරි මවක් මං සනුහරේ...

6 comments:

  1. දිනිති හොද කවිකාරියක් ඒකේ දෙකක් නෑ.. ගේයපද රචනා කරන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මං කොච්චර ගීත කරල තියෙනවද දේශකයො..අහම්බෙන්වත් අහලවත් නැද්ද ඒව.. :-(

      Delete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...