ප්‍රේමය
ගොළුවා දුටු හීනයක් වගේමයි
කිය කියා
හිස ලූ ලූ අත දුවන්නිය වු
සෙනෙහෙවන්තිය මා විය.
ඌරන් ඉදිරියේ මුතු නොදමන්
පුන පුනා කීවත්
මා උගුරට හොරා බෙහෙත් බිවුවෙමි.
ආරේ ගති නෑරේ මුත්
මා
ඉවසීමෙන් සැනසීමම පැතුවෙමි.
ආප්ප පනමට ඉඩමක් දුන්නා
සේ හදවතේ සියල්ලම
සූර සූරා වෙන්දේසි කළ
සෙනෙහෙවන්තිය මාම විය.
අත හයිය නම් බත වරදීදැයි
සිත සිතා ඇඟිලි පහම එක වගේ
නොවේයැයි මතුර මතුරා
හිල් කූඩෙන් වතුර ඇද්දෙමි.
හැමදාම දකින කුකුළගේ
කරමලේ සුදු වගේ
කබලෙන් ලිපට වැටුණ
අසරණිය මාම විය.
ඉහේ ඇම්මට කොට්ටෙ මාරු කළ
ජම්මෙට වඩා පුරුද්ද ලොකු
තුන් සිතම මායාවක් වූ
ඔහු අසල
මරණ තුනක් ඇති මිනිහෙක්
පැණි කන්නා සේ ලද ප්‍රේමය
ළඟ හෙම්බත්ව වැළපුනෙමි.
අට වම්බොටු නව සුංගම්
අය කළ පරිද්දට
අත්තටු කපා පියාඹන්නට කියා
ප්‍රේමයෙන් මා නිදහස ලැබුවෙමි.
උනු හින්ද බොන්න බැරි
කිරි හින්ද හලන්න බැරි
මගේ ප්‍රේමය
අන්ධයෝ අලියාගේ හැඩ කිවුවාට සමාන විය.
ආදරයේ සැටි නොදැන - ඇරඹියේ කිමට එය ?
ReplyDeleteකොමෙන්ට් මැසේජ් එකේ පොඩි අවුලක්
ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි /////කියනන් බැහැ./////.. ඒ තරම් වටිනවා ඔබේ පැමිණිමම මට....
අකුරු ටයිප් වෙලා වැරදිලා යසිත්..අඩුපාඩුව හැදුව. ස්තුතියි ඔයාට.
Deleteඅපූරු ගැමිවහරේ එන ප්‍රස්ථාවපිරුළු ටිකක් එක්ක ප්‍රේමය ගැන කවි පබැඳුම. මේව තමයි භාෂා බාවිතයේ දැනුම පෙන්වන්නේ..
ReplyDeleteස්තුතියි අයියෙ හැමදාම වගේ බොහොමත්ම.
Delete