නිදහස ලබා ඔල්වරසන් ගැසුව දිනේ
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...
හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා
උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ
පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට
_____________________දිනිති _______
කළෙකදි මිහිරි මී පැණි
ReplyDeleteනැති වෙනවාලු රස
හොදට තියෙන් තුරු හිස්
පෙරලෙනවාලු බිම
උරණව කරන අඩ හා දබර
දවසක වෙයි අමතක
හැමදේ එලෙස නොම ඇති මේලෝකේ
කව්ද දින්නනේ අපි පරදිමු රාලේ...
හ්ම්....අපි පරදිමු තමා..
Deleteස්තුතියි දේශකයා ඇවිත් ගියාට...
Thirisan amanakela paradamu nodee heta.
ReplyDeleteස්තුතියි ඔබට..
Deleteදිනිතිගේ අගේ ඇති කාලීන කවක්නේ. මෙන්න මල් මිටක්.
ReplyDeleteබොහොම ස්තුතියි නලින්....
Deleteදැන් හැමෝම කියන්නේ මේ ටික තමයි. ඔව් අපි එහෙම කරමු..
ReplyDeleteඡන්දෙ දාට මේව මතක නැහැලු අයියෙ....
Deleteබොහොම ස්තුතියි ඇවිත් ගියාට...
දිනිති අක්කා මෙහෙ නොහිටියාට මෙහේ ගැන හොදට අවදියෙන් ඉන්නේ නේද?
ReplyDeleteලංකාව ඇරෙන්න මට මගෙ කියන්න වෙන තැනක් කෝ නංගි....
Delete