Saturday, August 3, 2013

පරදමු අමන කැළ

නිදහස ලබා ඔල්වරසන් ගැසුව දිනේ
නුඹලා වුනිය මහ විරුවන් සතර කොනේ
මඳහස පපා රට කරනා උන්ගෙ විනේ
පිපිරී ගියා නොවෙදැයි නුඹලාට අනේ...

හරි හෝ වැරදි අණසක ලැබුණාය කියා
හිත හෝ නොහිත උණ්ඩය දුර ගියා කියා
අද හෝ හෙටත් මේ බිම අපගේම කියා
සුරකින නුඹලාම ඇයි කලෙ එවැනි නියා

උඩ යට දෙපැත්තෙම ඉන්නේ හොරුයි රටේ
මුල මැද අගින් කොතනිත් කනවාය ඇටේ
දුක කිය කියා ගියහොත් වැරදෙනව රටේ
පෙර දින ගිහින් මනුදම් නැව් නැගල රටේ

පෙනි පෙනි වරද ඇස් පියවන් ඉන්න විට
පැන පැන හුරේ තියනව උන් හතර වට
නුඹ මෙන් මමත් ඉපදුන මේ උතුම් රට
තිරිසන් අමන කැළ පරදමු නොදී හෙට

_____________________දිනිති _______

10 comments:

  1. කළෙකදි මිහිරි මී පැණි
    නැති වෙනවාලු රස
    හොදට තියෙන් තුරු හිස්
    පෙරලෙනවාලු බිම
    උරණව කරන අඩ හා දබර
    දවසක වෙයි අමතක
    හැමදේ එලෙස නොම ඇති මේලෝකේ
    කව්ද දින්නනේ අපි පරදිමු රාලේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්....අපි පරදිමු තමා..

      ස්තුතියි දේශකයා ඇවිත් ගියාට...

      Delete
  2. Thirisan amanakela paradamu nodee heta.

    ReplyDelete
  3. දිනිතිගේ අගේ ඇති කාලීන කවක්නේ. මෙන්න මල් මිටක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්....

      Delete
  4. දැන් හැමෝම කියන්නේ මේ ටික තමයි. ඔව් අපි එහෙම කරමු..

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දාට මේව මතක නැහැලු අයියෙ....

      බොහොම ස්තුතියි ඇවිත් ගියාට...

      Delete
  5. දිනිති අක්කා මෙහෙ නොහිටියාට මෙහේ ගැන හොදට අවදියෙන් ඉන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාව ඇරෙන්න මට මගෙ කියන්න වෙන තැනක් කෝ නංගි....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...