කාලෙකින් පපුවට දැනෙන්න
හිත හෙල්ලුනා_______________
හදවතේ සංවේදී සෛල තවමත්
පණ ගහනවා කියලා දැනුනා______________
ඇට මිදුළු කකියන්නට වේදනාව
දැනෙනවා කියලා තේරුණා_____________
මේ ගලන්නේ
________ප්‍රේමය________
නම්...............
ඒ ප්‍රේමයේ ධාරිණිපාත වර්ෂාවට
තෙමෙන්නට මඟ බලා ඉන්නවා_______________
දැන් ආදරයේ අසෙණිය වැසි වැටෙයි_____________
ඒ වැස්සට තෙත බරියම් වී හෙම්බත්ව
ඉන්නට ආසයි________________
ඒත් හදිස්සියකවත් කවුරුන් හෝ කියයි
පිස්සු යැයි කියා_______________
ආදරය...විරහව.... කදුළ... විතරමද අහයි
ළගක ඇත්තෙ______________
නැහැ..............නැහැ...............නැහැ..................
ගිරි දුර්ග මග දිගක කටු කොහොල් පිරි
තරම දන්නවා_______________
ඒත් සහේතුකව හිත ඉල්ලන්නෙම සබුද්ධික
නුවණ වෙනුවට මේ උන්මාදනීය හැගුමම නම්________________
ඉතින් සිහි විකල් කර ශල්‍යකර්මයකට යනවාට වඩා..........
මේ රිදීම් දැනීම් මත වෙලී හිදීම අපුර්ව නොවන්නේද..............?
කාලෙකට කලින් උන්මාද ප්‍රේමය ගැන ලියන්න හිත කිවුව. ඔව් මං දැනෙන හැම හැගීමම ලියනව. අහන්න එපා ඇයි හිත හෙල්ලුනේ කියල. ඒත් පළවෙනි වතාවට අහිමි වීමේ අනාගත සලකුණු ගැන අනාවැකි කියන්න මගේ හිතට සිතිවිලි වැළ නොකැඩි ආව. මං අසරණ වුනා මගෙ හිතත් එක්කම. මං දන්නව උපදින්නත් පෙර ගබ්සාව වීම දුකක්. මිහිපිට දරන්න බැරි දරුණු වේදනා අතර එකක් . ඒ එතරම්ම කළලයට අපි ආදරේ නිසා. ඒත් අහිමි වීමේ ගබ්සාව හදවත පතුලෙ පුංචියට තැන්පත් වුනා.
දැන් මං දන්නව ඔයා කියයි මැදිහත්ව හිතන්න. දුක දැනෙනව අඩුයි කියල. බැරි නැහැ. පුලුවන් එහෙම හිතන්න. ඒත් අහිමි වීම් ළඟකම හුස්ම එකතු කරපු ජීවිතයකට තවත් මැදිහත් වීම අමාරුයි.
මං දන්නවා සැත්කමකට වුනත් මේ හිත දැන් බාරගන්නෙ නැහැ. පිළිකාවක් වගේ මගෙ ඇග හැම තැනම ලේ වල ඉදන් ගමන් කරල ඉවරයි. ආපසු හැරෙන්න බැහැ. ඒත් දෙයක් කියන්නම්.
ගෑණු ළමයි කොච්චර හිතුවක්කාරයි මුරණ්ඩුයි වගේ පෙනුනත් පුංචි පුංචි බොළද අහිංසක කම් තියෙනව. මං ඉස්සරම දවසක් කිවුව. අහස පොළව ඉර හඳ තාරකා නෙමෙයි ඉල්ලන්නෙ. සමහර වෙලාවට කිසිම වටිනාකමක් නැති එකම එක දෙයක් වෙන්න පුලුවන්. ඒත් එහෙම දේවල් ළග ගෑණු හිත් තනිවම විදින සුන්දරත්වය මහ හුගයි.
දැන් දැන් මගෙ පපුවෙ හිරවීමක් එනව. හයියෙන් හුස්මක් අරගෙන ආයෙත් ඇස් දෙක පියාගත්ත. මං බයයි ඇස් පියාගන්න. ඒ සිහිනයකින් හෝ අහිමි වීම ගැන මට පෙනෙයි දැනෙයි කියල. ඒත් මම වෙනද වගේම ආයෙම මාව කෙනිත්තුව. මම පියවි සිහියෙන් තමා ඉන්නෙ. ඒ කියන්නෙ මට දැනුණ දේ ඇත්තක්. අඬු කතුරු පිහි අමෝරාගෙන සෛලයක් සෛලයක් ගානෙ කපමින් මහමින් මේ දැනෙන සංවේදී හැගීම මගෙන් නැතිවෙන නම් ,
එදාට මට මැදිහත්ව නෙමෙයි අහස කඩාගෙන වැටුණත් ඔහේ වැටුණාවෙ කියල ඉන්න පුලුවන් වෙයි. ඔන්න බෝම්බයක් ගහන්න යන්නෙ කිවුවත් නෑසු කන්ව ඉන්න පුලුවන්.
දැන් ඉතින් තනියම හිනාවෙයි මේ අකුරු වලට. මං දන්නවනෙ ඒ ඔයාගෙ හැටි. ඒත් මට කියන්න ඕනි වුනේ වෙන දෙයක්. ඒ මොකක්ද දන්නවද... කොයිම වෙලාවකවත් කිසිම දේකට අසීමාන්විතව ආදරේ කරන්න නරකයි. නිතරම ළඟ තියාගන්න උත්සහා ගන්න නරකයි. මොකද ලැබෙන සෑම දෙයකම නොලැබීම කියන විරුද්ධ පදය අත් නොහරින බන්ධනයක් වගේ පසුපස ලුහු බඳිනව. ලැබෙන පුංචි ඉඩකදි දිනුම ගන්න බලා ඉන්නව.
උඩ ඉදන් පහළට ජීවිතේ පල්ලම බැලුවම හරිම ගැඹුරයි කියල දැනෙද්දි ...ඒ තරම් පහළක ඉදන් මේ කන්ද තරණය කළා කියල දැනෙද්දි එකම එක පුංචි සිතුවිල්ලක් හෝ කිහිපයක් නිසා ආයෙමත් පහළට වැටෙන්න නරකයි.
දැන් කියන්න එපා කියන්නෙ මොනවද කිවුවෙ මොනාද කියල...ඒත් මට තේරෙණ එකම දේ කිසිම තැනකදි පමණට වඩා විවෘත වෙන්න නරකයි වගේම සංවේදී වෙන්න හොද නැහැ.
අනේ ඉතින් මං කොහොමද මේ දේවල් නැති කරගන්නෙ. ඔව් මං කරනව ශල්‍යකර්මයක්. හිත තද කරගෙන මං ඒ දේ කරණවමයි. නිඳ්‍රාගත සප්නයක හිදිනවාට වඩා ගලක් තරම් තද හැගුම් හා දිවි ගෙවීම අපූරුයි.
No comments:
Post a Comment
ඔබේ පැමිණිම මට සවියක්.