Saturday, June 22, 2013

සියදිවි නසාගත් නිළිය,


වෙලේ ඕවිටේ දුව පැන ඇවිදාන
නෙලු පලා ඉහිරුණිදෝ නොකියාම
සඳේ සඳ රැසින් රූ සිරි වැඩුණාම
මලේ පෙති වලට විසවෙයි නොදැනීම....

රිදී කලේ දිය උකුලේ තබාගෙන
තැබූ පයම හෙල්ලුනිදෝ නොසිතාම
රිදී හිතම හඬලා පිටමං වුන හැන්දෑව
තැබූ පියවරම ඇරඹුමදෝ නොකියාම

ස්වේත වර්ණ පිච්ච මලින් සුවඳක් ඉස්සාට
ප්‍රේත යක්කු ඉන්නව ඇස් ඉස් මස් ඉල්ලාම
ක්‍රෝධ හිතක් නැතිවම දුන්නත් හැමදේම
පාට වෙනස් වෙන එක වුනිදෝ නිතරෝම....

සබන් පුයර උලා කොකුම් උවන පුරා
ඉතින් නැගුණිදෝ ඔල්වරසන් වීථි පුරා
සඳුන් ගසක් යට හැදුනත් සුවඳ දරා
පිපුණ නේද කීඩාරම් මුළු දිවිය පුරා

කාර් වෑන් බෙන්ස් ගියත් නුඹ රැගෙනා
තෝර ගන්න බැරි වුනිදෝ හිතින් බලා
කාලෙ ඇවිත් පින් අහවර හඬ නැගුනාම
අනේ අකල්හි පැරදුණිදෝ මේ භවයේම...

4 comments:

  1. අනිතිම කවිය තදටම හිතට වදිනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් හුඟක්ම...

      Delete
  2. නිලියක් වුනත් නිලිකම අරගෙන හිතට
    දිවි නහගත්තෙ ඇයි කළ මොන පවට
    මොනවා වුනත් මේවා අරගෙන හිතට
    නිළියක් නොවී හිටපන් නුඔ මේ ටිකට....

    මට හිතේනෙ එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ලස්සන පිළිතුරක් අයියෙ...බොහොමත්ම ස්තුතියි..

      Delete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....