Sunday, June 30, 2013

තනිය තමයි මට කවිකම් ගෙනෙන්නේ

නිතර රිදෙන හදවත තව රිදෙන්නේ
අතුරු සිඳුරු නැති තනිකම පිරෙන්නේ
මිතුරු මිතුරියන් කුමටද සොයන්නේ
අකුරු ගනිමි කවියකි ඉන් මැවෙන්නේ

තනිය තනිය කියා කයිය ගැයෙන්නේ
හරිම මැදක පපු මත්තම රිදෙන්නේ
තැවුල් අවුල් නැහැ හැරදා දුවන්නේ
කැපුම් කෙටුම් ඇත කවිපද ලියෙන්නේ

පංගුපේරුවට ඇවිදින් වචන වුනත් වැදෙන්නේ
රංගකාරි හරි හැටියට පෑන තමයි කියන්නේ
සංවිධානෙ නැති වූවොත් ඇතැගිලි නිදි මරන්නේ
හැන්දැයමේ ඇවිත් යන්න කවි සුළගින් එවන්නේ...

සොදුරු කුමරු කොහි ගියාද නැහැ තතු නම් අසන්නේ
අදුර එන්න අදත් කලින් මගෙ සිහිනය තියෙන්නේ
අඹර පුරා රටා තියන තරුවැල් තනි බිදින්නේ
කවර කළක් ගියත් කවිය නැහැ පුස්ගඳ හමන්නේ...

හිතම බලා බෙහෙත් කියන දොස්තර දුර සිටින්නේ
අතක් අරන් ඇවිද යන්න තව බොහො කල් තියෙන්නේ
දුකක් තමයි හැම කවියෙම එළිවැට ලෙස ගැනෙන්නේ
හුඟක් පෙමක් අද ලැබුණත් හෙටත් තනිය තියෙන්නේ...

1 comment:

  1. ජීවන අත්දැකීම් එක්ක කවි ලියලා.. හැබැයි දැන්නම් පාලුව හුදකලාව මගහරින්න සියලුදෙනා එක්රැස්වෙන්නේ මූනු පොතට

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....