Thursday, March 7, 2013

*** දෙව්ලොව ගිය අම්මාට ලියමි. ***



අම්මේ දුටුව විට ලියමන මාගේ
වැහි කළු පිරෙන බව ඇත්තක්ය වතේ
එකටම වැටී එක වේලක් ගත්තු දිනේ
සිහියට නඟන් ඇරඹුම මෙහි ඇතිය හොදේ...

කණකර එකින් එක හන්දියෙ කඩයෙ තබා
පත පොත නැවුම් හසරැලි මුව දුන්නෙ එදා
ටක ටොක සැටලයට මුළු ජීවිතය ලියා
රුව ගුණ මලක් බිහිකළෙ ඔබම තමා....

මහ විදුහලේ ඉහළම ලකුණක්ම නිසා
ඉරණම එතන පැහැදිලි බව ඇසුණ තමා
කරණම් ගසා දර දිය ඔබ ඇද්ද නිසා
නොදකින සිහින පිබෙදන්න වුනා

එක එක ඉංගිරිසි ආරය ගත්ත නඩේ
ගොඩයේ එකිය මා විතරයිම වුනේ
අකුරෙන් අකුර දිලිසෙන විටදි පොතේ
දවසින් දවස තරඟය ජිවිතය වුනේ...

පෙව් කිරි ටිකට ණය වෙන බව දන්න නිසා
ගුණ දම් අතු ගෑවෙ පති ගෙය රකිනු කියා
වැල යන අතට මැස්සක් ගහනවා කියා
පැදුරෙන් බිමට වැටුනේ ඔබ මතක් වෙලා

සුවපත් කරන එක ගිලනුන් පිනක් පුතේ
කිය කිය දියණියව තැවුවා ඔබ බුදුන් වගේ
මුසපත් නොවන හදවත රිදවනා දිනේ
නැවතත් නොඑන ලෙස අම්මා ඇයි යන්න ගියේ...

_________________________________
ගව්වෙන් ගව්ව දිව මාළිඟ සදනු කියා
බෝසත් සිතුම් අහකට නම් දමනු එපා
දළ සිඳ වැටෙන දවසක් මතු තිබෙන නිසා
අම්මට තාත්තට පිටුපා යන්න එපා....


( තම මව් එන්න කියද්දී ලංකාවට ොගිය මා මිතුරියට ේ මව ඇයට අහිමි වීම දැක ඇති වුන සිතුවිල්ලකි )

8 comments:

  1. සියුම් වේදනාවක් හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. කවියට විතරයිනෙ නලින්.. ස්තුතියි ඇවිත් ගියාට...

      Delete
  2. Replies
    1. ඇවිත් යන්න එනව අනිවාර්යෙන්....

      Delete
  3. නැවත නිවැරදි කරගන්න නොහැකි දෙයක් සිදුවුනාම ඒක හිතට තදින් දැනෙනවා. අපි කාටත් ඒක පොදුයි. මේ අම්මා ගැන වුනත් ඒ සොයුරියට එසේ දැනෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්..ඇය අදත් බොහෝ දුක්වෙනව...

      Delete
  4. අම්මා තාත්තා නැති උනාම මුලු ජීවිත කාලෙටම ඒ අඩුව වහගන්න පිලියම් නෑ.
    ඔබේ මිතුරිය විදවනවා ඇති..

    ReplyDelete
    Replies
    1. දෙයක් ගිලිහුණාට පසුවයි එහි අගය දැනෙන්නෙ..ඇයත් අද එලෙසම විදවනව..

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...