Thursday, January 24, 2013

නොරටක උන්න මුත් ඇයි වෙනසක් අපි ගැන හිතන්නට



නිමිත්ත -
පිටරට අයට මොන සැපද යැයි ලංකාවෙ වාසය කරන මිතුරෙකුගෙන් ලැබුණ දෙයක් හේතුවෙනි.
_______________________________________________________

ඉරමල එක්ක තඹුරුත් මැලවී යන හින්දා
හිත්වල නැගෙන පැන කළුවර අරගත් හන්දා
පෙරකල පින පවම පරිසන් දෙනවද මන්දා
කවි පෙළ ලියමි දුරු රට සැපයක් නැති හන්දා...

අලුයම අයිස් කැට එක්කම මුහුණත් දොවලා
හිල්වුණ මේස් දෙක බැනියම ඇඟපත සිඹලා
දඟලන බඩේ පණුවන් හට සරදම් කරලා
කහවණු එවයි හුඟ දන පිටරට දුක් විඳලා...

මහතුනි හිතන්නේ අප රුක යැයි මුදල්වල
එනමුදු පසුම්බිය හිස් අපගේ බොහොම කල
දවසින් දවස හිරු සඳු වෙනසයි ගගන තල
දෙකකුල් දෙඅත් තව තව වැළපෙයි මැඳුරුවල...


ලයිසන් නැතුව  තම්බති බිත්තර පපුවේ
ඇහුවොත් මව් රටින් සතුටින් යැයි කිවුවේ
ලැබෙනව හොඳ කලක් සිත සිත දින ගෙවුවේ
එනමුත් තනිකමයි කලකිරුමයි ආවේ...


මැරුණම කවුරු කවුරුත් යන්නේ සිව් රියනකට
ඉපදුණ නිසයි මේ හැම ලැබුණේ දිවි ගෙවන්නට
තරහක් නොමැත වදනක් ඇත මාහට කියන්නට
සකියනි අපිත් මිනිසුන් ඇයි වෙනසක් මනින්නට....

8 comments:

  1. ඇත්ත දිනිති අපි කවුරුත් දුක තමා විදින්නේ. ඒ දේ නොදන්න අය යි මෙවැනි කතා කියන්නේ... බොහෝ විට ලංකාවේ ඉන්නවට වඩා අමා දුකක් අපේ අය පිටරට වල දි විදිනවා. ඒව කවුරුවත් දකින්නේ නැ. ඒ බව ඒ අය මෙහෙට කියන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඇත්ත නලින්....

      ස්තුතියි ඇවිත් ගියාට...

      Delete
  2. පිටරට වල ජීවිතේ මොනවගේද කියලා දන්නේ ඉන්න අයම විතරයි දිනිති අක්කේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..ඒක දන්නෙ අපි අපිමයි....

      Delete
  3. ජීවන අත්දැකීම් කවියෙන්ම ලියනවා. ජීවන අත්දැකීම් කටුකයි. ඒත් කවි පබැඳුම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කටුක දේ සුන්දරව කවියකට ඇමිණෙන නිසා හිත හදාගෙන ඉන්නව අයියෙ..

      ස්තුතියි මේ පැත්තෙ ආවට...

      Delete
  4. පොච්චියේ - ඕකේ වග දන්නේ ඉතින් අපම පමණය :-(
    නොරට උන්නම දෙයක් ලැබෙනව වාගෙම දෙයක් නැතිවෙනව
    ලංකාවේ උන්නම දෙයක් නොලැබෙනා මුත් තියනාදේ රැකේ
    දෙකේ විසාල වෙනසක් තියනවාදෝ කියා කිව හැක්කේ මරණාසන්නව ලෙඩ ඇඳට වූ දාටය

    "සකියනි අපිත් මිනිසුන් ඇයි වෙනසක් මනින්නට...." එහෙනං ආයේ.....

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත තිස්ස.. ඒ දේවල් මැරෙන්න ලංවුනාම තමයි දැනෙන්නෙ.. :-)

      ස්තුතියි ඔබට ඇවිත් ගියාට....

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...