Tuesday, January 22, 2013

*** උමතු සඳ ළඟයි ප්‍රේමය ***



දුරුතු සඳ මනමාල වී
මුදුන් අහසෙම නැංගුරම් දාලා
පුරුදු අකුරුම ඇවිස්සී
කවි මලක් හිත් වැටෙන් පැනලා....

බුරුතු ගානට වැටෙන හිම කැට
කෙනිත්තුමකට ඉස්සිලා
කූරු පයිනස් ඉති පේලියට
සිනාසෙනවා නැවතිලා....

නිමෙන දැල්වෙන පහන් සිළු
නෑ කණාමැදිරියො ගෙනල්ලා
සිවුරුහන් හඩ තාලයක් මැද
පළගැටියො දුර ඉගිල්ලීලා...

ගෙවුනු වස්සානයට පීදුණු
ඇපල් මල් බිම ඉහිරිලා
සිපගත්ත මුත් ආදරෙන් පෙර
සමනල්ලු තටු වට්ටලා...

රැලි නැතත් හෝ හඬත් හොර
සමුදුරත් නෙත් හංගලා
අහංකාරෙන් උමතු තරුපති
වැළඳගයි ස්නේහෙන් ඉපිලිලා...

ආලකම් හැම සඳට විතරයි
හුඳකලා හිත වැළපිලා..
දුම් දමන කෝපි බඳුනක්
කවියකින් හිත සැනසුවා...

රැයට අධිපති සඳම විතරද
විරුද්ධව හිත කරැලි ගැසිලා..
ලොවට රහසින් උමතු සඳ ළග
නැවතුමට ඉකිබිඳුම ඇහැරිලා.....

6 comments:

  1. කවිය පුරාම කියාගන්න නොතේරෙන හුදකලා හැගීමක් තිබුණා.ඒත් ඒ හැගීම හරි අපූරුයි.අපූරු හුදෙකලාවක්...

    ඒ වගෙම ලස්සන යෙදුම්.හිත් වැටෙන් කවි මල් පනින හැටි,හිම කැට කෙනිත්තෙන හැටි..අපූරුවට මැවිලා පේනවා.

    හැබැයි තරහ වෙන්නැත්නම් දෙයක් කියන්නම්.අන්තිම කවිය නැති වුණා නං මං හුගක් කැමතියි.එහෙම වුණා නම් කවිය මීටත් වඩා සාර්ථක වෙන්න තිබුණා කියල හිතෙනවා.

    සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. මං මොකට තරහ වෙන්නද නංගියේ..මගේ කවියක මට දැනෙනවට වැඩිය දෙයක් ඒක කියවන කෙනෙක්ට දැනෙනව..

      මටත් හිතුණ අන්තිම කොටස අයින් කරන්න...ආයෙ ලියවුන නිසා තිබ්බ... ස්තුතියි නංගියෙ ඔයාට...

      Delete
  2. ඔබේ කවි කම අසම සමයි දිනිති...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්..

      Delete
  3. යුරෝපයේ ශීත සෘතුව නිර්මාණයෙන් අනර්ඝයි...තැනින් තැනට සොබාදහම වෙනසි් වන හැටි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සොබා දහම පුදුමයි..මේ දවස්වල ඕස්ට්‍රෙලියාවට ගිනි ගහන්න පායද්දි අපිට අයිස් වැටෙනව...

      බොහොම ස්තුතියි අයියෙ ඇවිත් කියවල බලල අදහස් දැක්කුවට...

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...