Tuesday, March 8, 2011

නුඹ නමට මම ලියවුනා..


හිරු එළිය ළග පරවෙලා...
කුමුදු මල් පෙති විසිරිලා...
සඳ අහසෙ රෑ පායලා......
මගෙ සිතට හිනැහුනා...

දුර ගියපු නුඹ ගැන සොයා...
ළග තිබුණු හිත නැතිවුනා...
තරු ඇසට කදුලක් රදවලා...
හැම රැයම නුඹ සිහිකලා...

ලියන කවියත් නුඹ වුනා..
නොලියු කවියත් නුඹ වුනා..
අහිමි කවියත් නුඹ වුනා...
නුඹ නමට මම ලියවුනා...

වැසුනු ඇස ළග නැවතිලා...
හඩන සිතටම නුඹ නියවලා...
මා මගෙන් තව උදුරලා...
පෙමට පෙමවත් නැතිකලා...

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...