Saturday, January 21, 2017

පැමිණි දේ පැණි රසයි.



නිතර මල්වල සුවඳ සොරකම්
කරන සුළඟක් වේය මනරම්
බඹර තුඩුවල ඊය හොඳනම්
මලත් සුළඟත් දෙකෙම සැනසුම්

මලින් මලකට ගියත් සමනල්
අතින් අල්ලන් කරයි ඇවටිල්
හිතින් බැදගෙන සුවඳ බඳවල්
උනුන් වැළපෙයි වසා කටවල්


මලට , සුළඟට බඹර, සමනල
ඇතිය එක එක ලෙසට හැඩතල
හිතට හුරුවට කරන වැඩවල
කුමට සොය සොය ඉතින් පසුතල

1 comment:

  1. සුළඟ දේ නම් සිතට සැනසුම්
    මලක් මොකටද සිතුවෙ දෙවරක්
    හිරු රැසේ උණුසුමින් දහවල්
    මිදීයන් මඳ සුළඟෙ හැමකල්

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...