මටත් කියලා හදවතක් තිබුණා
තුනේ පන්තියෙදි බාගයක් කැඩුණා
තාත්තේ කණාමැදිරියො බනිද්දී
පොල් දතින් බාගයක් කැඩුවා
ගොයම් කොළ ගහන දා කළුවරේ
පැට්‍රල් ලාම්පුව හඳත් බය කරල තිබ්බා
ගොයම් මැස්සෙක් හමා ගිය ගඳ
ගෙදර පිටිපස්ස පැතේතෙ හැමුවා
දෑකැත්ත වක් වෙලා තිබුණට
රෑවෙද්දි හරි සීරුවට හැරිලා
බීඩියක දුමක් ඉඟිලන් කුස්සියේ
වැල් ඇඳෙන් චරබර සද්දෙ ඇහුණා
අහස් යන්තරෙ පෙන්නලා
අම්ම ගමනක් ගිහින් තිබුණා
ගොයම් කයියට අයියා තරගෙට
දහදියෙන් මිළ ගණන් හැදුවා
පුංචි ඇස් දෙක රතුවෙලා මගෙ
නපුරු සිහිනය හැබැහින්ම දැක්කා
බලා ඉන්නම බැරි තැනදි මම
දෑත බදලා දොර පොල්ල ගත්තා
" අනේ අක්කේ උඹව උ මරනවද "
කියාගෙන කෑගැහල කිවුවා
හැරෙන විට ඒ යක්ෂ මිනිහා
මුහුණ පුපුරන්න ගැහුවා
" අම්මෙ අම්මේ " කිය කියා ඌ
මහා හයියෙන් කෑගගහා දිවුවා
තාත්තෙක් නැති මමත් බයටම
බිම බදාගෙන හොඳට ඇඩුවා
2016 / 12/ 21
:(
ReplyDelete:-)
Delete:O
ReplyDeleteහෙ හෙ
Delete