Saturday, December 17, 2016

අමාවකටත් හඳ පිපෙයි ගේ දොරකඩට

හිම කැටත් ගිනි තියන හද දුකට
හරි මඟක් කියන්නට බැරි සුළං කුමකටද
හැමදාම එක ළගින් යන්,
දුක සැපත් අපි දෙන්නට
ඒ වුනත් සෙවනැලිත් අතැර යයි ජීවිතේ එක දිගට

වළාකුළු විසිරිලා අහස හැම තැන ආතුරව

සදාකාලික පෙම්වතුන් ඉන්නවද හමුවෙලා ඔබට මට
වැහි බිංදු අත්හරින තැන තමයි
අහස දුක්වෙන්නෙ හොඳටම
ඇහිපියන් නැවතිලා තියෙන දවසට හිමිවේද සැනසුම

හැමතැනම මතක සැමරුම් විතරමයි තත්පරෙන් තත්පරයෙ

අතීතය කියන්නේ දැවි දැවී යන වත්මනේ කණිසමට
පියල්ලෙන් පියල්ලට දියව ගිය හිම මලක් හද දුකට
අඬන බව දැක දැකත් අහක බැලුවේ ඇයිද විගහට

හිතේ අස්සක් මුල්ලක් නෑරවම ඇතිල්ලෙන

කැලතිලා එළියට එන වමනයක් වාගෙයි අපුල
හොර වෙදෙක් ළඟට ගොස් මරා දැමු කළලයක් විලසකට
හැර දමා යන්න හැකිනම් මටත්, නුඹ මෙන් අනාගතයට

ප්‍රියේ .., වසන්තය කියන්නේ සෘතු මාරු ක්‍රමයකට

හිතේ අළු දූලි පිසින්නට හැකි නම් පිළිවෙලට
අමාවකටත් හඳ පිපෙයි ඔබේ ගෙයි දොරකඩට


2016//12/17

No comments:

Post a Comment

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...