Friday, December 16, 2016

දුකට කියන කවි

නාහෙන් ගලන සොටු දිය නැත වෙන්නේ ඉවර
මාසෙන් වැඩි හරිය රිදෙනව නිතරම උගුර
තාමත් උරුම වින්ටර් ස(ම්)මර් දෙක විතර
මාගෙත් පැතුම් ඇත ඉන්නට මව්බිමෙ නිතර
කෑවත් බඩට දැනුනද නැහැ දැනෙන්නේ
ගෑරුපු ,පිහිය විතරයි රඟ දෙවන්නේ
නෑවත් නොනෑවාමයි හිත කියන්නේ
ආයෙත් කවද මගෙ උන් හා හිදින්නේ
යන එන ගමන් සැප පහසුව ලැබෙන්නේ
ගල් වැලි බොරළු නැහැ දෙපයට ගැටෙන්නේ
ළඟ උන් මළත් නැහැ අනෙකට පෙනෙන්නේ
මේවන් දුකක් හතුරෙක්ටද නොවන්නේ
ඉපදුණ රටත් මඟහළ බව දැනෙන්නේ
ගහකොළ සුවඳ නහයයි ඉව කරන්නේ
ඇළ දොළ මතක් වී හද ඉකි බිඳින්නේ
මට මගෙ එකෙක් ළඟ නැති දුක තියෙන්නේ

2016//12//14 

2 comments:

  1. හිතකට දැනෙන සුව වෙන රටකදි නැතිලු
    ඇළකට හිතින් බැස සීතල විඳිනවලු
    ගහකට පෙම් කලත් සුවඳක් හොයනවලු
    රටකට ගියොත් මව් රට හොඳ හිතෙනවලු...........

    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමින්ද මේ පැත්තට ඇවිත් ගියාට.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...