නාවල වුනත් තැන
නාගන්නවත් ඉඩ නැති
නාකි ඇන්ටිගෙ ගෙදර
නම් හද හදා ඇන්ටිටම බැනපු
නම ගිය නඟරවල ගම කියපු
නැහැදිච්ච වැනි හැදිච්චම කෙල්ලන්
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
නාගන්නවත් ඉඩ නැති
නාකි ඇන්ටිගෙ ගෙදර
නම් හද හදා ඇන්ටිටම බැනපු
නම ගිය නඟරවල ගම කියපු
නැහැදිච්ච වැනි හැදිච්චම කෙල්ලන්
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
කාමරේ තුන් දෙනයි
මාසෙකට තුන්දහයි
තුන් වරක් තුන එක වරයි
ඇන්ටිටම තුප්පහි වචන
මාසෙ මුල සතියෙම රහසින් බෙදන
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
මාසෙකට තුන්දහයි
තුන් වරක් තුන එක වරයි
ඇන්ටිටම තුප්පහි වචන
මාසෙ මුල සතියෙම රහසින් බෙදන
නැමි නැමී හිනාවුන දවස් තිබුණා එකල
කැඩුණු සිංහල විහිළු දොඩවන
දමිල අයියගෙ අලුත් එලවලු
සුප් එකට විතරක් ජාති
කළු අතින් සුදු අතට මාරුවෙන
ගාන රුපියල් විස්සයි
ගෑණු වුන පලියට ඒ දවස එහෙමයි
නැමි නැමී කඳුළු වක්කරන
දමිල අයියගෙ අලුත් එලවලු
සුප් එකට විතරක් ජාති
කළු අතින් සුදු අතට මාරුවෙන
ගාන රුපියල් විස්සයි
ගෑණු වුන පලියට ඒ දවස එහෙමයි
නැමි නැමී කඳුළු වක්කරන
භූමිතෙල් මොනතරම් සුවඳද
භූමියක් නැති උන් වුනේ මොකටැයි
බීඩියක් උරන එකෙක්වත් නොහිටියැයි
බන්ටියත් සැලුන් විස්තර පවසයි
භූමිතෙල් ලිපෙන් අලුත් බත් ඇට ලස්සනයි
භූමියක් නැති උන් වුනේ මොකටැයි
බීඩියක් උරන එකෙක්වත් නොහිටියැයි
බන්ටියත් සැලුන් විස්තර පවසයි
භූමිතෙල් ලිපෙන් අලුත් බත් ඇට ලස්සනයි
ප්ලේන්ටියවත් නැති මාසෙ අන්තිම දවස්
හාංකවිසියක්වත් නොදන්නා බව දැන දැන
රඟපාන රඟමඩල ජීවිතය උලුප්පන
"ලයිට් බිල හරි සැරයි දැන් නිදාගන්නකො ළමයි"
අල්ලපු වැටෙන් ආටානාටියයි, රතිඤ්ඤයි
සැර බීම බිපු උන් වගේ කෙල්ලන් නිදයි
නැමි නැමී හිනාවුන දවස්වල තිබුණ දේවල් ඔහොමයි
හාංකවිසියක්වත් නොදන්නා බව දැන දැන
රඟපාන රඟමඩල ජීවිතය උලුප්පන
"ලයිට් බිල හරි සැරයි දැන් නිදාගන්නකො ළමයි"
අල්ලපු වැටෙන් ආටානාටියයි, රතිඤ්ඤයි
සැර බීම බිපු උන් වගේ කෙල්ලන් නිදයි
නැමි නැමී හිනාවුන දවස්වල තිබුණ දේවල් ඔහොමයි
බස් එකට රුපියල් පහක් මොකටද
හිස් වෙච්ච පොකට්වල ලස්සන විතරමද
ඇස් අස්සෙ හංග ගත් කවි පොකුරු
උස් සිනාහඩ මව මවා පයින් යන දවස්වල
කඩාගත්තා නම් එකමෙක මලක්වත්
මේ වගේ පිපේවිද කවි වෙලා අද
කුණු ඇල දිගේ දික් අතට කැම්පස් කුලුණුවල
රතු අකුරු පාන්දර ඔච්චමම දුන්නෙත් අපිට
හිස් වෙච්ච පොකට්වල ලස්සන විතරමද
ඇස් අස්සෙ හංග ගත් කවි පොකුරු
උස් සිනාහඩ මව මවා පයින් යන දවස්වල
කඩාගත්තා නම් එකමෙක මලක්වත්
මේ වගේ පිපේවිද කවි වෙලා අද
කුණු ඇල දිගේ දික් අතට කැම්පස් කුලුණුවල
රතු අකුරු පාන්දර ඔච්චමම දුන්නෙත් අපිට
පඩි දාට තඩි ටෝක් එක්කලා
තෝසෙ, සම්බල්, කරි ජාති පිරිලා
වටකරන් එක මේසෙ ඉඟි බිගිය පාමින්
බෝඩිමේ බෝඩරෙන් ඇන්ටිගේ පුතාටම
වීසි කර කර මායමින් මායමට හැට හතර වැඩිකර
ජීවිතේ අමුණාපු තැන්වලින් හිරවෙච්ච
මතක එනවා උගුරට දැවිල්ලට පැණි රහට
තෝසෙ, සම්බල්, කරි ජාති පිරිලා
වටකරන් එක මේසෙ ඉඟි බිගිය පාමින්
බෝඩිමේ බෝඩරෙන් ඇන්ටිගේ පුතාටම
වීසි කර කර මායමින් මායමට හැට හතර වැඩිකර
ජීවිතේ අමුණාපු තැන්වලින් හිරවෙච්ච
මතක එනවා උගුරට දැවිල්ලට පැණි රහට
ජිවිතයක් නිසඳසකට ගොනු කරලා. ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත්.
Deletehttp://nelumyaya.com/?p=5993
ReplyDeleteස්තුතියි නෙළුම් යායට.
Deleteදිනිති අක්ක ගෙන් කාලෙකින් වෙනස්ම වෙනස්ම වෙනස්ම ලියවිල්ලක්..
ReplyDeleteකවියෙන් කියවෙන දේ වගේමයි කවියත් හරි නිදහසේ හිතුවක්කාරෙට අකුරු කරලා...
ජයවේවා අක්කේ
බොහොම ස්තුතියි මල්ලියෙ.
Deleteඅගෙයි............ ඒ කාලේ ගෑණු ළමයාගේ (දැන් බිරිද) අත්දැකීම් ටික මතක් වුණා......
ReplyDeleteමතක වෙලාවකට සුන්දරයි කුරුටු. බොහොම ස්තුතියි.
Delete