මුහුද කවදත් වඩාගෙන
උණුසුමෙන් හාදු දෙන
නඟරයක් ලිමසෝල්
උණුසුමෙන් හාදු දෙන
නඟරයක් ලිමසෝල්
වෙරළ කෙහෙරැලි විසිරන
සළෙලු සුළගක් මඟ රකින
අලුත් පෙම්බරු කැන්දා එන
ලිමසෝල් තියෙන්නෙම අනුරාගයක්,
සළෙලු සුළගක් මඟ රකින
අලුත් පෙම්බරු කැන්දා එන
ලිමසෝල් තියෙන්නෙම අනුරාගයක්,
නැංගුරම් ලූ නෞකා කෙවිලියන්
නානා ගීත කියමින් බැලේ රඟනා
හැඩ කෝපි බඳුන් අතැඟිලි බැදෙන
ලිමසෝල් කියන්නෙම ප්‍රේමයක්
අතැර යන අය ආයෙ ආයෙත් එන
මතක විතරක් මේ බලන්නකො කියන
නානා ගීත කියමින් බැලේ රඟනා
හැඩ කෝපි බඳුන් අතැඟිලි බැදෙන
ලිමසෝල් කියන්නෙම ප්‍රේමයක්
අතැර යන අය ආයෙ ආයෙත් එන
මතක විතරක් මේ බලන්නකො කියන
Welcome back! :) :)
ReplyDeleteLimsol wala minissuth e wagema premaniyada?
(Sorry.. no sinhala )
එහෙම අඩුවකුත් නැහැ කල්‍යාණ මිත්‍ර . බොහොම ස්තුතියි ඔබට.
Deleteහ්ම්ම්, එහෙනං යන්න ඕන ලිමසොල් ..:D
ReplyDeleteඑන්න එන්න ඉවාන්.
Deleteසෑහෙන දවසකින් අක්කා...
ReplyDeleteලිමසෝල් ගැන මතක ලිවීමක්ද නැත්තං ආපහු ගියාද...
ලස්සනයි කවිය..
ජයවේවා
ලිමසෝල්වල තමා ඉතින් ආපහු දරුවො.
Deleteබොහොම ස්තුතියි මල්ලියෙ.
ජය වේවා
ReplyDeleteස්තුතියි සෑම්.
Deleteඅගෙයි අදහස් ටික..... ලිමසෝල් ටිකක් හොයලා බලන්න ඕනේ...
ReplyDeleteහොයල බලන්නකො. ලස්සන වරායක් තියෙනව. බොහොම ස්තුතියි කුරුටු
Deleteඑච්චර ලස්සනයිද? :)
ReplyDeleteහ්ම් හ්ම්.
Deleteබොහොම ස්තුතියි මල්ලියෙ.
ලිමසොල් කිව්වම මට හිතුනේ මොකක් හරි කෙමිකල් එකක් කියලා.
ReplyDeleteහෙ හෙ
Deleteදැන් හරි නේද ගැටලුව මල්ලියෙ.
බොහොම ස්තුතියි.
ලිමසෝල් යන්න මගෙත් ආසාවක් තියෙනවා. ඉස්සරහට හෙමීට ඒ හීන වලටත් යන්න ඕන.
ReplyDeleteඑන්න එන්න මල්ලි.
Deleteබොහොම ස්තුතියි මල්ලි.