Friday, May 13, 2016

ලිමසෝල්

මුහුද කවදත් වඩාගෙන
උණුසුමෙන් හාදු දෙන
නඟරයක් ලිමසෝල්
වෙරළ කෙහෙරැලි විසිරන
සළෙලු සුළගක් මඟ රකින
අලුත් පෙම්බරු කැන්දා එන
ලිමසෝල් තියෙන්නෙම අනුරාගයක්,
නැංගුරම් ලූ නෞකා කෙවිලියන්
නානා ගීත කියමින් බැලේ රඟනා
හැඩ කෝපි බඳුන් අතැඟිලි බැදෙන
ලිමසෝල් කියන්නෙම ප්‍රේමයක්
අතැර යන අය ආයෙ ආයෙත් එන
මතක විතරක් මේ බලන්නකො කියන

16 comments:

  1. Welcome back! :) :)
    Limsol wala minissuth e wagema premaniyada?
    (Sorry.. no sinhala )

    ReplyDelete
    Replies
    1. එහෙම අඩුවකුත් නැහැ කල්‍යාණ මිත්‍ර . බොහොම ස්තුතියි ඔබට.

      Delete
  2. හ්ම්ම්, එහෙනං යන්න ඕන ලිමසොල් ..:D

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ඉවාන්.

      Delete
  3. සෑහෙන දවසකින් අක්කා...
    ලිමසෝල් ගැන මතක ලිවීමක්ද නැත්තං ආපහු ගියාද...
    ලස්සනයි කවිය..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ලිමසෝල්වල තමා ඉතින් ආපහු දරුවො.
      බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete
  4. අගෙයි අදහස් ටික..... ලිමසෝල් ටිකක් හොයලා බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හොයල බලන්නකො. ලස්සන වරායක් තියෙනව. බොහොම ස්තුතියි කුරුටු

      Delete
  5. එච්චර ලස්සනයිද? :)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.
      බොහොම ස්තුතියි මල්ලියෙ.

      Delete
  6. ලිමසොල් කිව්වම මට හිතුනේ මොකක් හරි කෙමිකල් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ
      දැන් හරි නේද ගැටලුව මල්ලියෙ.

      බොහොම ස්තුතියි.

      Delete
  7. ලිමසෝල් යන්න මගෙත් ආසාවක් තියෙනවා. ඉස්සරහට හෙමීට ඒ හීන වලටත් යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න මල්ලි.
      බොහොම ස්තුතියි මල්ලි.

      Delete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...