හදා ගන්නට බැරිව හිත මගෙ පිච්චුණා පැයකට කල්පයක්
කදෝ පැණියෙක් වෙම්ද කියලා කිරා බැලුවට දවස් දහයක්
පුදා දෝතින් ගලවලා හද දුන්න පුදුමයි මටම රහසක්
විදුලි වේගෙන් නුඹේ අතකින් මලක් විද්දා අමුතු එළියක්
කැඳලි සීයක් හැදුව කියලා දන්නෙ මම මයි සිනා දෝතක්
පැතලි ගල උඩ සිනා කට නුඹෙ පරදවයි දෙව්ලියන් රෑනක්
කැරලි ගහ ගහ සරැලි නැංවුවෙ මගේ සිතුවිලි එකම සයුරක්
බලා අවසර රජුන් කස්සප හිතේ හැටියට නුඹව සිම්බද
සලා සැලමුතු පෙමක් යම්දින නුඹේ දිවියට එයින් ලැබුනද
කළා සොලොසම අරන් පුරහඳ වඩින දවසක් එහෙම තිබුණද
ගලා ගිය පෙම සිංහ නියපොතු වලින් රිදි රිදි සැරව ගැලුවද
නිදහසේ හිස් අතින් එන උන් නුඹේ තිසරුන් සුවේ සෙව්වද
මඳහසේ කිසි අඩුව නැතිවම මිටින් ගෙන ඉඟ සුඟේ වැනුවද
උරහිසේ හිස තියා උන් වෙනම ලෝකෙට පියඹලා ඇදුණද
කිතුගොසේ නංවලා කැන්දන් යයිද කියලා සිහින දැක්කද
මං වගෙම එන එවුන් සේරම රිසි පරිද්දෙන් උඹව අතඟා
රං වගේ හම උඩින් කියලා හිතින් පැණි හඳ බලයි උරගා
ළං වෙලා දිවි තලේ හිටි උන් මතක් කර කර කඳුළු හංගා
සුං වෙලා ගිය ප්‍රේම බන්ධන පවුරෙ කැටපත් ලියන් නංගා
අගෙයි !
ReplyDeleteස්තුතියි අයියණ්ඩි.
Delete