Wednesday, April 1, 2015

එකදු මොහොතක් තිබුණ නම්

වේගෙයන් තටු ගසා ළංවුන
ගුවන් බසයේ අවසාන හුස්මට
ප්‍රේමයෙන් ඈතට මඳක් යන්නට
තිබුණ නම් කියා හිතෙනව ඇති 

ඇල්ප්ස් කන්දට

කෙනෙක් දෙන්නෙක් නෙමෙයි
සියයකුත් තව බාගයක්
දුකක් වැළපුම් නොවේ හදවත
පැලෙන රිදවුම නින්නාදයන්

ගෙනනව ඇති තවම

එකම අඩියක් තියා පස්සට
හෝ නැමී පහතට හිස සඟවගෙන
ඉන්න විදිහක් කොහොම හරි
අනේ තිබුණාම  නම් ඒ 

ඇල්ප්ස් කන්දට

කප්පරක් හිම මිදී තිබුණත් මුදුනතේ
ලංසුවක් නැතිව "අම්මේ" කියපු හඬවල්
අංශුවක් වත් ඇසුණ නම් එක මොහොතකට
"බොන්සුවා" කියා කියනව උන් තවත්


2015/03/31 


3 comments:

  1. අහෝ!
    ඉඩ දෙන්න තිබුණ ඒ
    සහයක ගුවන් නියමුවට
    දිවිනසා ගන්න තනියෙම
    මුල්වර..

    ReplyDelete
  2. අපේ බ්ලොග් දර්ශකේටත් මේ බ්ලොග් එක එකතු කරන්න. අපේසින්ඩියට පිවිසෙන්න පහතින්, අපට ලින්ක් එක ඊ මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete

ආලවන්ත හුදකලාවෙ තනි මකන්න ඇවිත් ගියාට ස්තුතියි කියන්න බැහැ... ඒ තරම් වටිනවා ඔබේ පැමිණිම මට....