වෙලේ පන් නෙලන කොට මහ දවල්
හිස බිමට හරවගෙන රහසින්
අතරින් පතර බලනා එක කුමුදු
කුසුමක් තිබුණ අම්මේ,
එකින් එක පෙති විහිදගෙන
තනියමම සඳ එක්ක හිනැහී
විල් දියක් නැති වුනත් තුටකින්
නිතර ගීයක් රෑපුරා කිවුවා
එදා වාගෙම අදත් අම්මේ
නුඹත් එක්කම එකට වැටිලා
දවල්ටත් නොනිදාම සෙවනැලි
අඳින හැටි නුඹ නම් නොදැක්කා
මතක මංපෙත පෙරළලා අම්මේ
බලන්නට හිතුනොතින් දවසක
මතක් වෙයි ඒ කුමුදු මල ළඟ
නුඹේ කඳුළක කැළලකුත් තිබුණා
Subscribe to:
Post Comments (Atom)
ඉතින් සොඳුර
ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...
-
පිටාරය යයි සොරොව්වේ දිය කදුළු කෙණ්ඩි පිපිරිලා තාම ගම නා කාරණේ කිම පැංචියේ නුඹ කියාපන්..... සංදියේ නුඹව එල්ලන් ඇවිද ගිය ගම් මණ්ඩියේ තාම...
-
එකමත් එක රටක අහසෙ ගෑවෙන තරම් උසට මාළිඟයක් තිබුණා. මේ මාලිගයෙ වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි එක්ක එයාගෙ මිනිපිරිය ජීවත් වුණා. මේ මිනි...
හැමදාම වගේ ලස්සන කවියක් අක්කේ..
ReplyDeleteස්තුතියි මල්ලියේ..
Deleteඅදමයි මේ පැත්තෙ ආවෙ.... ලස්සනයි අක්කෙ.. ජය
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලියේ..
Delete