Saturday, January 24, 2015

මගෙ දුවේ..

ඉෂ්ඨවෙන්නැති සිහින සඟවන්
ගලා යන ගඟක් ළඟ නැවතුනොත්
මගේ හදවත පතුළෙ ඇත
වරක් හෝ බලපන් දුවේ


සින්න කරගත් මේ ජීවිතේ
බලා හිටි තැනක් නුඹ දැක්කොතින්
ඒ නුඹේ ඇස් දෙකයි
සත්තමයි මගෙ දුවේ


කැඳැල්ලක් නැති කිරිල්ලියො
ආකහේ යට පැටවු රකිනව
නොදැක්කා නම් නුඹ
මගේ වත බලපන් දුවේ


වියරණ කිසිත් සම නැති
නිමාවක සළකුණක් පේන්නැති
තාලයක් නැතිවම ගයන
ගීතයක් මං මගෙ දුවේ


කාලයට ඉඩ දී බලා හිටපන්
පාපයට දඬුවම් එපා කියපන්
සාපයට කිසි දිනක නොගොසින්
හීනියට ජීවිතේ නුඹ වියාපන්.

7 comments:

  1. මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි
    දොර ඇරන් එළියට ආවොතින්
    මේ මිහිරි දේවල් නුඹටමයි

    සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාවයි
    නිල් තාරුකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොළව කොතරම් සුන්දරද
    මගේ දූ තනියම හිනාවෙයි

    මගෙ දුවේ නුඹ...

    ගණ කළුවරට අප පෙම් කලොත්
    ඉර හඳ තරුවනට ණය ගැතියි
    ලොව දුන්නු දේවල් අද අපිට හෙට
    ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරෙයි නම්
    මුළු ලොවම ඔබටත් ආදරෙයි

    මගෙ දුවේ නුඹ...

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. මේ සිංදුවෙ අන්තාම පේළි ටික තමා මගෙත් ජීවන ගීතය. ස්තුතියි මිත්‍රය.

      මේකෙ මගෙ දුවේ කියල මාතෘකාව දුන්නට මේ අම්ම වෙනස් කෙනෙක්. රත්න ශ්‍රී කියන දුවට වගේ කියන්න මේ අම්මට බැහැ. :-)

      Delete
  2. මං ලියන්න හිතං ආව හක කළණෙ ලියල නෙව
    මක් කරන්නද හිටං
    අපූරුයි කියල මාරු වෙනව හැරෙන්නට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා. :-)

      Delete
  3. දැන් කාලේ දුලට නම් ඔහොම තියා ඔලුවෙන් හිටං කිව්වත් වැඩක් නැහැ :(

    ReplyDelete
  4. අගේ ඇති පද වැලකි !

    ReplyDelete

ඔබේ පැමිණිම මට සවියක්.

ඉතින් සොඳුර

 ඉතින් සොඳුර , ජීවිතේ කොයි හැඩේදැයි නොවිමසන්න, ඔබ ගිය තැන සිට මා  දරාගත්තේ කෙසේ දැයි නොඅසන්න  ආදරයක අකුරු අතරට වැඩි යමක් ඔබේ ඇසුරෙහි මා විඳි...